මැතිවරණ කල් දැමීමට මම සූදානම් නෑ – ජනපති මෛත්‍රි අවධාරණය කරයි

Spread the love
ජනාධිපති නිල නිවසේදී ඊයේ(27) රාත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර එහිදි  වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
 
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු ව ඇති අතර  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස කිසිවිටකත් මැතිවරණ කල් දැමීමට සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම සාකච්ඡාවේ ප්‍රකාශ කර තිබේ.