මෙරට කුටුම්භවලින් 55%ක් ණය අර්බුදය – ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව

මෙරට කුටුම්භවලින් 55%ක් ණය අර්බුදය – ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව
Spread the love

මෙරට සමස්ථ කුටුම්භයන්ගෙන් 54.9%ක් පමණ මේ වන විට ණය බරින් පීඩාවට පත්ව ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණයක් පවසයි.

මෙම ණයගැතිභාවයට වැඩියෙන්ම හේතු වී ඇත්තේ 31%ක උකස් කටයුතු හරහා සිදුව ඇති ණයවීම් වන අතර දෙවනුවට විධිමත් ආකාරයට බැංකු හරහා ණය ලබා ගැනීම් 21.9%කි.

මීට අමතරව පොලියට මුදල් ලබාදෙන්නන් සහ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හරහා ලබා ගන්නා ණය ගැනීම් පිළිවෙළින් 9.7%ක් සහ 8.7% ක් වාර්තා වන අතර, එමඟින් රටේ මූල්‍ය ක්ෂේත්‍රය තුළ අවිධිමත් ණය ප්‍රභවයන් බහුලව පවතින බව ද පෙන්නුම් කෙරේ.

තවද, සමෘද්ධි බැංකු හරහා ලබා ගන්නා ණය 7.1%ක්, සිය රැකියා ස්ථානයෙන් ලබා ගන්නා ණය 5.2%ක් සහ ක්‍රෙඩිට් කාඩ් හරහා ලබා ගන්නා ණය 1.8%ක් ලෙස කුඩා පරිමාණයෙන් ණය ගැනීමේ ද මීට ඇතුළත් වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

 

Post Comment