මේ ආණ්ඩුවට මුල් අවුරුදු 05වත් දුවන්න බෑ.. 20ට ශී‍්‍රලනිප බහුතරය විරුද්ධයි – ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උපසභාපති

මේ ආණ්ඩුවට මුල් අවුරුදු 05වත් දුවන්න බෑ.. 20ට ශී‍්‍රලනිප බහුතරය විරුද්ධයි – ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උපසභාපති
Spread the love

මේ ආණ්ඩුවට මුල් අවුරුදු පහවත් යාගන්න බැරි බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමඟ ගිවිසුමකට යාම බරපතළ වරදක් යැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.

විසිවන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය විරුද්ධ බවත්, විසිවන සංශෝධනය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමේදී ශ්‍රීලනිප බොහෝ දෙනෙකු ඊට සහය නොදී සිටිනු ඇති බවත් කිහිප දෙනෙකු සහය දෙනු ඇති පැවසූ ඔහු පක්ෂය ඊට බලපෑම් නොකරන බවත් පැවසීය.

ජනතාව ඉල්ලුවේ විසිවන සංශෝධනය නොව අලූත් ව්‍යවස්ථාවක් බවත් විසිවන සංශෝධනය මේ රටට අවශ්‍ය දෙයක් නොවන බවත් ඔහු පෙන්වා දෙයි.

මේ ආණ්ඩුව පවතින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දාහතර දෙනා නිසා බවත් ඔවුන් ඉවත් වුවහොත් ආණ්ඩුව බිඳ වැටෙන බවද තව දුරටත් පැවසීය.

ඒ මහතා මෙම අදහස් පලකලේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.