මේ වසරේ ආණ්ඩුව පෙරලන්න බෑ – මහින්ද පරාජය පිළිගනී…

Spread the love

කුමන ක්‍රමයකින් හෝ  2017 වසරේදී ආණ්ඩුව පෙරළා බලය ලබා ගන්නා බව පසුගිය වසරේ (2016) දෙසැම්බර් 29වනදා ශ්‍රී ලංකාවේ විදේශ වර්තාකරුවන් සමග සාකච්ඡාවකට එක්වෙමින් විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබූ නමුත් ඔහු පසුගියදා  පැවති මහින්ද පිලේ රැස්වීමකදී ප්‍රකාශ කර ඇත්තේ මේ වසරේ ආණ්ඩුව පෙරලීමට තමන්ට නොහැකි බවයි.

“මේ දැන් අහනවා මේ අවුරුද්දේ ආණ්ඩුව පෙරළනවද කියලා. මේ අවුරුද්දේ පෙරළන්න බෑ. මේ අවුරුද්දේ බැරි උනාට අපි ඊලඟ අවුරුද්දේ කරනවා. යයිද මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

පැවති ජනාධිපතිවරණයේදී පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතා එතැන් පටන් අවස්ථා ගණනාවකදී තමන් නැවත බලය ලබා ගන්නා බවට දින වකවානු පවා ප්‍රසිද්ධ කර තිබිණි.

කෙසේවෙතත්  මහින්ද සුලඟ ආරම්භ කරමින් පැවති මහ මැතිවරණයේදී තමන් රටේ අගමැති වන බවට ඔහු ප්‍රකාශ කළ නමුත් එයද මහින්ද රාජපක්ෂට අහිමිව ගියේ ය. ඉන් පසුව මහින්ද පිලේ මහජන රැලි කිහිපයක්ම සංවිධානය කළ අතර ඒ සෑම රැලියක්ම පැවැත්වූවේ එම රැලියෙන් පසු ආණ්ඩුව පෙරලන බව පවසමිනි. ආණ්ඩු පෙරලීම කෙසේ වෙතත් මහින්ද පිල පවත්වන රැලිවල ජන සහභාගිත්වය දිනෙන් දින අඩුවෙමින් පවතන අතර එහි හොඳම උදාහරණය ගාල්ලේ රැලියෙන් පෙන්නුම් කළේ ය.

මේ වනවිට මහින්ද පිල වෙනුවෙන් ෆේස්බුක් ඇතුළු සමාජජාලවලින් ප්‍රචාරක කටයුතු සිදුකරගෙන ගිය කණ්ඩායම් අතරද මෙම තත්වය තුළ මතභේද හටගනිමින් තිබෙන අතර ඔවුන් එකිනෙකාට චෝදනා එල්ලකරගිනිමින් සිටිති. පාද චාරිකාවේ සිට පොල් ගැසීම්, දේව කන්නලව් කිරීම්, මහජන රැලි ඇතුළු කටයතු සංවිධානය කිරීමේදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ එම ක්‍රියාමාර්ගවලින් පසු ආණ්ඩුව පෙරලා බලය ගන්නා බවය.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා විසින් එය දිනෙන් දින කල්දමමින් සිටයී.

මහින්දගේ ආණ්ඩු පෙරළිය වසරකින් කල් දමයි…

මහින්දගේ ආණ්ඩු පෙරළිය වසරකින් කල් දමයි…

Posted by Lanka Truth on Monday, April 3, 2017

[rns_reactions]