මේ සමාජේ විකිණෙන්නේ කුණු ගොඩවල් – ඉරාජ්ගේ ජීවිත කතා වීඩියෝවේ හිමිකරු වන වූ තිවංක කතා කරයි.!

Spread the love
ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගණ්‍ය කලාකරුවෙකුගේ පෞද්ගලික ජීවිතයට අපහාස කරමින් යුටියුබ් ඔස්සේ මුදල් ඉපැයීම සදහා වීඩියෝවක් නිර්මාණය කළා යැයි කියමින් චෝදනා එල්ල වූ අසහනකාරී ගායකයෙකු පිළිබදව පසුගිය දිනවල කතා බහට ලක් වුනා. ඉන්පසුව ‍යම් කිසි තරුණ පිරිසක් මෙම අසහනකාරී ගායකයාගේ ජීවිත කතාවද විඩීයෝවක් මගින් යුටියුබ් වෙබ් අඩවියට එක්කර තිබු අතර එම නිර්මාණය බොහො දෙනාගේ පැසසුම් මැද ‍යුටියුබ් ට්‍රෙංඩින් ලයිස්තුවේ ප්‍රමුඛස්ථානය හිමිකර ගැනීමටද සමත්ව තිබෙනවා.

මෙම නිර්මාණයට පද රචන‍යෙන් , අධ්‍යක්ෂණ‍යෙන් ඇතුලු බොහෝ දායකත්වයක් ලබා දුන් නිර්මාණය පසුපස සිටි මහ මොළකරු නෙත් ගොසිප් අප සම්බන්ධ කර ගත්තා. ඔහු නමින් තිවංක මිහි‍රාන්

අප සමග ඔහු සිදුකළ සංවාදය පහතින්

 

තිවංක ඔබගේ නිර්මාණය යුටියුබ් ට්‍රෙංඩින් ලයිස්තුවේ අංක එක වෙලා , මොකක්ද හිතෙන්නෙ ?

සතුටුයි , ඒත් මේක අපිට තවත් එක නිර්මාණයක් විතරයි , අපි දිගින් දිගටම මේ වගේ නිර්මාණ කරමින් හිටියා , නමුත් ප්‍රසිද්ධ වුනේ මේක. 

ඒ කියන්නේ තිවංක මෙවැනි නිර්මාණ මීට පෙරත් කරලා තියෙනවා , ඒ ගැනත් කියන්න ?

ඔව් මම දිගින් දිගටම කෙටි චිත්‍රපට කළා , මම නිර්මාණය කරපු කෙටි චිත්‍රපට තුනක් ජනාධිපති සම්මාන පවා දිනා ගත්තා , ඒත් ඒ එක නිර්මාණයක්වත් මේ විඩීයෝව තරම් ජනප්‍රිය වුනේ නෑ.

මේ විඩියෝව ගැන තිවංකට අදහස ආවේ කොහොමද ?

ඇත්තටම දැන් මේ රටේ කලාවේ වැජබෙන්නෙ කලාකාරයො නෙවෙයි , බිස්නස් කාරයෝ. කලාකාරයෝ නිහඩයි. ප්‍රසිද්ධ වෙන්නේ මේ පරම්පරාවේ වැජබෙන්නෙ බිස්නස් කාරයෝ . ඉතින් ඒ ගැන දෙයක් කරන්න ඕන වෙලා හිටියේ කාළයක ඉදන්, පහුගිය දවස් වල සිදුවීම් එක්ක අපි තීරණය කළා මේක කරන්න.

හිතුවද ඒ නිර්මාණය මේ තරම් ජනප්‍රිය වේවි කියලා ?

නැහැ ඇත්තටම නැහැ, කළින් කිව්වා වගේ මේක තවත් එක් නිර්මාණයක් විතරයි, ඒත් මේක ජනප්‍රිය වීමත් එක්ක අපිත් පාඩමක් ඉගෙන ගත්තා , කොච්චර හරවත් නිර්මාණ කළත් මේ රටේ ප්‍රසිද්ධ වෙන්නෙ , විකිණෙන්නෙ කුණුගොඩවල් කියලා. අපිට අවශ්‍යත් අන්න ඒ කුණු රසය වෙනුවට හරවත් රසවින්දනයක් තියෙන රසිකයො පිරිසක් , කලාවක් ගොඩනගන්න . ඒ වෙනුවෙන් අපිට කරන්න පුලුවන් පුංචි දෙයක් හරි අපි කරනවා

බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ තිවංක මිහිරාන් ඇතුලු පිරිස නිර්මාණය කළ විඩීයෝව පහතින්

 

 

 


තිවංක මිහිරාන්

[rns_reactions]