මෛත්‍රීගේ ග්‍රහයෝ ප්‍රභලයි. හූනියම් කලාට කිසිම පලක් නෑ..

Spread the love

තමන්කඩුව – ගාමිණී ඔබේසේකර

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ග්‍රහබලය ඉතාම ප්‍රබලයි. කිසිම කෙනකුට එතුමාට ගුප්ත ශාස්ත්‍රීය ක්‍රමවලින් හෝ වෙනත් අයුරකින් හිරිහැර කිරීමට නොහැකි යැයි ඇළහැර, බකමූණ, ප්‍රාදේශීය සංඝනායක ශාස්ත්‍රපති ප්‍රවීණ ජේ‍යා්තිෂවේදී ලියන්ගස්වගුරේ දේවානන්ද හිමියෝ පැවැසූහ.

“මව්බිම”ට විශේෂ ප්‍රකාශයක් කරමින් ලියන්ගස්වගුරේ දේවානන්ද හිමියෝ මෙසේද කීහ.

එතුමාගේ වාසනාගුණය අනුව මේ රටේ රාජ්‍ය නායකයා වශයෙන් පත්වුණා. එම ග්‍රහබලය ඉතාමත්ම ශක්තිමත් කිසිම සතුරකුට එතුමාට එරෙහි වන්නට හැකියාවක් නැහැ.

ඇතැම් පුද්ගලයන් ගුප්ත ක්‍රියා මඟින් එතුමාට නපුරක් කරන්නට උත්සාහ කරන්නේ මානසික මට්ටම පහත දමන්නටයි. එවැන්නක් කිසිසේත්ම සිදුවන්නේ නැහැ.
මා දන්නා තරමින් ජනාධිපතිතුමා එම කටයුතු කෙරෙහි කිසිදු විශ්වාසයක් තබන්නේ නැහැ.

ජනාධිපතිතුමා තෙරුවන් නමැඳ පුද පූජා පවත්වමින් ආශීර්වාද ලබාගන්නවා. ඒ අනුව ධර්මානුකූලව හැසිරෙන තැනැත්තා ධර්මය විසින්ම ආරක්ෂා කරනවා. ජනාධිපතිතුමාගේ ග්‍රහබලය 2006 වසරේ සිට ඉතාම බලවත්, එය 2025 වනතුරු බලපවත්වයි.

මේ අවස්ථාවේදී එතුමාට සිතින් හෝ හිරිහැරයක් කරන්නට මොනයම් කෙනෙක් උත්සාහ ගන්නේ නම් ඒ අයට විශාල අකුසලයක් සිදුවන බවද නාහිමියෝ සඳහන් කළහ.

[rns_reactions]