මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් හඳුන්වා දුන් මංගල මෙන් මොංගල් ඉන්ධන මිල සූත්‍රය අනුව අද(13) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4කින් ද ඉහළ යනු ඇත. සුපිරි ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 3කින්.
මේ අතර ඔටෝ ඩීසල්හි මිලෙහි කිසිදු සංශෝධනයක් නොකිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.