මෝදි එනවාට මහින්දගේ විරෝධතාවක් නෑ – බුරන ගෝලයන්ට මහින්දම කියයි…

Spread the love

ඉන්දීය අග්‍රමාත්‍ය මෝදි මහතාගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් තමාගේ කිසිඳු  විරෝධයක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රුවන්වැල්ල විහාරස්ථානයක පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එමෙන්ම මෝදි මහතා සහභාගී වන උත්සව සඳහා සම්බන්ධවීමේ ගැටළුවක් නොමැති බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළේය.

මෝදිගේ මෙරට සංචාරය රටට අහිතකර නොවන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ඉන්දියාව සමඟ ගිවිසුම් අත්සන් කිරීම පමණක් රටට අහිතකර වන බවයි.

[rns_reactions]