යහපාලනයේ මෛත්‍රී පාර්ශවය සහ රනිල් පාර්ශවය කෙටවීමට දිය යටින් ගින්දර ගෙනයන පිරිසක් පිළිබඳව හෙලිදරව් වේ. ඔවුන් මහින්ද රාජපක්ෂට හිතැති ජනපති කාර්ලයේ සේවය කරන පිරිසකි. මේ ඒ පිළිබඳ අප කල විශ්ලේෂණයයි.
මහින්ද රාජපක්ෂගේ දැවැන්ත පාලනය පෙරලා දමා යහපාලනය ගෙන ඒමට බොහෝ බරක් ඇද්දේ එජාපයයි. එජාපය හා සිවිල් සංවිධාන එක්ව මෛත්‍රි ජනපති කරන්නට සිදුකල මෙහෙය අමතක කල යුතුනැත. එදා මෛත්‍රී ජනපතිගේ රැකවලා එජාපයයි. බැරිවෙලාවත් ජනපතිවරණය පැරදුනා නම් මෛත්‍රී ජනපතිවරයාට රැකවරණය ලැබෙන්නෙ එජාපයෙනි. ලබාගත් ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්න නැවතත් කැප වූයේ එජාපයයි. ඒ 2015 අගෝස්තු මැතිවරණයෙන් ජයලබා යහපාලනය ශක්තිමත් කල නිසාය. මෛත්‍රීගේ ගුණ වයන්නට නිදහස් පක්ෂයේ මහින්දවාදී පිරිසක් මෛත්‍රීගේ ඔඩොක්කුවට පැන්නේ මහින්දගේ වේදිකාවේ පතුරු ගැසීමෙන් අනතුරුවය. නමුත් ඔවුන් මෛත්‍රී ජනපතිවනවාට වල කපපු පිරිසකි. අද යහපාලන දීගය කඩා වෙනම ආණ්ඩුවක් පිහිටවමු යැයි විස පොවන්නේ ඔවුන්ය. එය යහපාලන අභිමතාර්ථ වලට පිටින් යාමකි.
යහපාලන අරමුණු වෙනුවෙන් එජාපය සහ ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශවය එකට සිටිය යුතුමය. එසේ නොවුනහොත් ආණ්ඩුව අයාලේ ගොස් මහින්දගේ පාර්ශවය බලය ඩැහැගන්නවා නිසැකය. ඒ සඳහා ජනපති කාර්යාලයතුල සිට මහින්දගේ බත්බැලයන් එම කෙටවීමේ මෙහෙයුම ක්‍රියාත්මක කොට ඇත. මේ පිළිබඳව ගැඹුරින් සිතා බැලිය යුතු බව රජයේ ඉහල බලධාරීන් වෙත මතක් කර සිටිමු.