ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ගොඩනගමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂ විරෝධී දේශමාමක බලවේගයක් බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව යළිත් ජාතික ආණ්ඩුවක පිහිටුවීමට යන බවට පැතිර යන ප්රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල සඳහන් කරනවා.
ඉදිරි මහ මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරග කර නව ආණ්ඩුවක් පිහිටුවීම මිස යළිත් එක්සත් ජාතික පක්ෂය හා ආණ්ඩු පිහිටුවීමේ කිසිදු අදහසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඒකාබද්ධ සන්ධානයක් ගොඩනැගීමේ සාකච්ඡා මේ වන විටත් ප්‍රධාන කරුණු 20ක් යටතේ සිදුකරමින් පවතින බවත් දෙපාර්ශවයම එකතු වී එක ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල පවසයි.
ඒ අනුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කිරීම තම පක්ෂයේ එකම බලාපොරොත්තුව බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

