යළි කිරිපිටි හිඟයක්..! කිරිපිටි ආනයනය නවතී..

යළි කිරිපිටි හිඟයක්..! කිරිපිටි ආනයනය නවතී..
Spread the love

කිරිපිටි සමාගම් විසින් කිරිපිටි ආනයනය ඊයේ (12) සිට නතර කර දමා තිබේ.  කිරිපිටි මිල ඉහළ දැමීමට රජය අවසර ලබා නොදීමට විරෝධය පළ කර මෙම තීරණය ගෙන තිබේ.

කිරිපිටි කිලෝව රුපියල් පනහකින් ද ග‍්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 20 කින් ද ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරය ලැබුණු නමුත් රජයේ ජීවන වියදම් කමිටුව එය ක‍්‍රියාත්මක නොකරන බව කිරිපිටි සමාගම් පවසයි.

මේ නිසා දැනට වෙළෙඳපොළේ ඇති කිරිපිටි තොග අවසන් වූ පසු කිරිපිටි හිඟයක් ඇතිවන බව ද එම සමාගම් පවසයි.

ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මෙටි‍්‍රක් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 3200 – 3300 ත් අතර වන බව ද රජය විවිධ බදු ලෙස කිරිපිටි කිලෝවකට රුපියල් 180 ක් අයකරන බව ද මේ නිසා කිරිපිටි කර්මාන්තය වර්තමාන මිල ගණන් යටතේ පවත්වාගෙන යා නොහැකි බව ද කිරිපිටි සමාගම් කියා සිටී.