යාපනයේ කඩු කල්ලිය(ආවා) මර්ධනය කිරීම සාගල අතට ගනී…

Spread the love
උතුරු පළාතේ ක්‍රියාතමක ආවා කල්ලිය මර්ධනය කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගෙන තියෙනවා

-නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා ඒ ගැන පැවසූ අයුරු ඔහු පැවසූ ආකාරයෙන්ම පහත දක්වා ඇත.
” උතුරු පළාතේ ක්‍රියාත්මක ආවා කල්ලිය යලි ඔවුන්ගේ ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති බවට වාර්ථාවුණා.ඒ පිළිබඳ විවිධ මාධ්‍ය වල වාර්ථා පවා පළවුණා.නමුත් මම කියන්න කැමතියි මේ ආවා කල්ලියට යළි කිසිඳු අයුරකින් හිස ඔසවන්න දෙන්නේ නෑ….
පසුගිය දවස් 2 ඇතුලත මීට අදාල සිද්ධි 8ක් වාර්ථා වුණා.
ඒ සිද්ධි වලට සම්බන්ධ යයි සැක කෙරෙන පුද්ගලයින් 6 දෙනෙකු මේ වන විට අත් අඩංගුවට අරන් තියෙනවා…
ඉතිරි සැක කරුවන් අල්ලන්න මේ වන විට විශේෂ විමර්ශන සිදුකරනවා.ඒ විමර්ශන කටයුත් ඉක්මණින් සිදුකරන්නට අවශ්‍ය නිසා මේ වන විට යාපනය පොළිස් කොට්ඨාෂයේ නිවාඩු අවලංගු කර තිනෙවා….
යාපනේ විතරක් නෙමේ දකුණේ ක්‍රියාත්මක පාතාලය සම්පූර්ණයෙන්ම මර්ධනය කිරීමේ ක්‍රියාවලිය අපි මේ වන විට ආරම්භ කරල ඉවරයි.විදේශ වල සැඟවිලා ඉඳන් පාතාලය මෙහෙයවන පාතාල ලොක්කෝ සැඟවී සිටින ස්ථාන පවා අපි මේ වන විටහඳුනගෙන තියෙනවා.ඒ අය අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එන්නට අවශ්‍ය සියළුම පියවර ගැනීම දැන් සිදුකරමින් ඉන්නවා”

Image result for ava group jaffna

 

Related image

Image result for ava group jaffna