රජයේ මුද්‍රණාලය ‘සල්ලි නැතිව ජනපතිවරණ වැඩ බෑ‘ කියයි

රජයේ මුද්‍රණාලය ‘සල්ලි නැතිව ජනපතිවරණ වැඩ බෑ‘ කියයි
Spread the love

ඉදිරි ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සහා වැය වන මුළු මුදල ඉදිරි දින කිහිපය තුළදී මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දෙන බවත් ඒ සහා වැය වන මුදල ගණනය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බවත් රජයේ මුද්‍රණාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඔහු සහන් කළේ අදාළ මුදල මැතිවරණ කොමිෂන් සභාව විසින් රජයේ මුද්‍රණාලය වෙත මුදා හැරියහොත් පමණක් මැතිවරණ පත්‍රිකා ඇතුළු මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.

ඉදිරි ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට පෙර ප්‍රමාණවත් සේවකයින් සහ ඔවුන්ට ප්‍රමාණවත් පහසුකම් සැපයීමට ද අවශ්‍ය බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

එසේම මෙම මුද්‍රණ කටයුතු ආරම්භයේ සිටම පොලිස් ආරක්‍ෂාවද සැපයිය යුතු බවත් ඒ අනුව එක් දිනකට පොලිස් නිලධාරීන් 65 දෙනෙකු පමණ ආරක්‍ෂාවට අවශ්‍ය බව ද ඔහු පැවසීය.