මෑත ඉතිහාසයේ වාර්තා වූ ඉහළම මිල වාර්තා කරමින් රතු ළුෑණු කිලෝවක තොග මිල රුපියල් 700 ඉක්මවා ගොස් තිබෙන බව සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳපොළ සමිති සංවිධානයේ ජාතික සංවිධායක එච්.එම්. උපසේන මහතා සඳහන් කරනවා.
ඔහු සඳහන් කරන්නේ රතු ළුෑණු තොග ලැබීම සියයට 90කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවයි.
මෙහිදී වැඩි දුරටත් කරුණු සඳහන් කළ උපසේන මහතා කියා සිටියේ පහතරට හා උඩරට එළවළු ලැබීම් ද සියයට 50කට ආසන්න ප්‍රමාණයකින් අඩු වී තිබෙන බවයි. මේ නිසා වට්ටක්කා සහ තක්කාලි හැර අනෙකුත් එළවළු මිල ඉහළ ගොස් තිබෙන බවද ඔහු සඳහන් කළා.