රනිල්ගේ නියෝගයෙන් ජනපති මෛත්‍රීට මඩ ගහන එජාප මඩ බලකා මෙහෙයුමක සියලු තතු එලියට..

Spread the love

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම ඉදිරියට කෙරීගෙන යන පරීක්ෂණ අඩපන කිරීම සඳහා එකසත් ජාතික පක්ෂය සහ එහි සන්නිවේදන බලකායට සම්බන්ධ පිරිස් සමාජ ජාලා හා වෙබ් අඩවි මඟින් ජනාධිපතිවරයාට එරෙහිව මඩ ප්‍රචාරයක් ආරම්භ කර ඇති බවට බුද්ධි අංශ මගින් අනාවරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

එහි දී ජනාධිපතිවරයාට හිතවත් බව පෙන්වමින් හා අගමැතිවරයාට හිතවත් බව පෙන්වමින් පවත්වාගෙන යන වෙබ් හා සමාජ ජාලා මාධ්‍ය සඳහා අවැසි මුදල් බැඳුම්කර සිද්ධියට සම්බන්ධ පිරිස් විසින් ලබා දෙන බව වාර්තා වේ.

ඒ සඳහා කටයුතු කරනු ලබන්නේ බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා වූ දේශපාලනඥයෙකි.

පවුම් ගණනින් කප්පම් !

එහි දී එක් පුවත් වෙබ් අඩවියකට බැඳුම්කර සිද්ධිය ට සම්බන්ධ දේශපාලනඥයා පවුම් 5000ක් ලබා දෙන බවට තොරතුරු හෙළි කර ගෙන ඇත.

 

[rns_reactions]