ඒ සමගම ෆේස්බුක් සමාජ ජාලය තුල ප්‍රචාරය වූයේ අගමැතිවරයා ඉවත් කිරීමට හැකියාවක් නොමැති බවට වන වාර්තා හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති කිහිපයකි. නමුත් පාර්ලිමේන්තුවේ බහුතරයක් තීරණය කරන්නේ නම් අගමැතිවරයා ප්රමුඛ අමාත්‍ය මණ්ඩලයම ඉවත් කළ හැකි බව නීති විශාරදයින් පෙන්වා දෙනවා.
අගමැතිවරයා ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට හිමිව තිබූ බලය 19 වැනි සංශෝධනයෙන් ඉවත් කළ අතර පත් කළ අගමැතිවරයා ඉල්ලා අස්වුවහොත් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි වුවහොත් මිස පාර්ලිමේන්තුවේ කාල සීමාව දක්වා ධූරයේ රැඳී සිටීමට හැකියාව ඇති බව 19 වැනි සංශෝධනයේ සඳහන් වේ.
එනමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 වගන්තිය ප්‍රකාරව ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීම මගින් මැතිවරණයකට නොගොස් අගමැතිධූරයේ සිට අමාත්‍ය මණ්ඩලයම නැවත පත් කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව සැළසී තිබේ. ඒ අනුව ශ්‍රීලනිපයට දැනට සහය දක්වන 96 දෙනෙකු සිටින අතර ආණ්ඩුවට එරෙහිව පැවැත්වෙන ඡන්දයකදී එජාපෙ ලැයිස්තුවෙන් තරඟ කළ හා ඉදිරිපත් වී සිටින පිරිස හා මහින්ද රාජපක්ෂ සමග රජයකට සහය පළ කරන පිරිස 20කට අධික බවත් ඒ පිරිසත් ශ්‍රීලනිපයට සහය දක්වන බවත් ඒ අනුව 114ක බහුතරයක් ලැබිය හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා. එවැනි තත්ත්වයකදී එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවේ සිටියද ආණ්ඩුවට විරුද්ධව සිය ඡන්දය භාවිත කරනු ඇතැයි අපේක්ෂිත නාම ලේඛණයක්ද ඔවුන් විසින් සකස් කර තිබෙනවා.
එම ලැයිස්තුවට අනුව එක්සත් ජාතික පෙරමුණ යටතේ තරඟ කළ හා ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වූ මන්ත්‍රී වරුන් අතුරින් පහත සඳහන් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා ගනු ලබන තීරණයකට සිය සහය පළ කරනු ඇති බව විශ්වාස කෙරෙනවා. මේ සියලු දෙනාගේ සහය ලැබුනහොත් ශ්‍රීලනිපයට සහය දක්වන පිරිස 116ක් බවට පත් වේ. එම 20 දෙනාගේ ලැයිස්තුව පහතින්.
- පූජ්‍ය අතුරලියේ රතන හිමි
- හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
- අර්ජුන රණතුංග
- විජයදාස රාජපක්ෂ
- පාඨලී චම්පික රණවක
- ජයම්පති වික්‍රමරත්න
- කරුණාරත්න පරණවිතාන
- චතුර සේනාරත්න
- රාජිත සේනාරත්න
- පලනි දිගම්බරම්
- තිලකරාජා මයිල්වානගම්
- රිෂාඩ් බදුයුදීන්
- මොහොමඩ් හනීෆා මොහොමඩ් නවාවි
- අබ්දුල්ලා මහරුෆ්
- අමීර් අලි ශිහාබ්දීන්
- රාවුෆ් හකීම්
- අලි මවුලානා සෙයිඩ්
- මොහොමඩ් හෆීල් මොහොමඩ් සල්මන්
- ෆයිසාල් කාසිම්
- මුහම්මදු ඉබ්‍රහිම් මුහම්මදු මන්සූර්
මේ අනුව ආණ්ඩුවට එල්ල වී ඇති චෝදනා හේතුවෙන් මැතිවරණයකට නොගොස්ම නව අගමැතිවරයෙකු සහිත අමාත්‍ය මණ්ඩලයක් පත් කරගැනීමට අවස්ථාව පවතින බවත් එවැනි කටයුත්තක් සඳහා මහින්ද පාර්ශවයේද සම්පූර්ණ සහයෝගය ලැබෙනු ඇති බව ඔවුන් දැනටමත් ප්‍රකාශ කර ඇති බවත් පෙන්වා දුන් නීති විශාරදයින් පවසා සිටියේ ඕනෑම මොහොතක මෙවැනි කටයුත්තක් සිදුවිය හැකි බවයි.

