රනිල් ප්‍රමුඛ එජාපයට එරෙහිව මෛත්‍රීගේ එජානිපෙ පළාත් පාලන මැතිවරණයට රටපුරා තරග බිමට

Spread the love

එලැඹෙන පළාත් පාලන මැතිවරණයේදී රට පුරා සෑම පළාත් පාලන ආයතනයක් සඳහාම අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික නිදහස් පෙරමුණ කටයුතු කරයි. පළාත් පාලන ආයතන සදහා තරග කරන අපේක්ෂකයන් තෝරා ගැනීමේදී උගත්,බුද්ධිමත්,වෘත්තියවේදී අපේක්ෂකයින් සදහා වැඩි ඉඩක් වෙන්කර ඇති නිසා ඔවුන් හට ඉදිරිපත් වන ලෙස ආරාධනා කර සිටියි. සමාජ විරෝධී කටයුතු වල නියැලෙන සහ නියැලුන පුද්ගලයන් සදහා කිසිම ආකාරයකින් අපේක්ෂකත්වය ලබා නොදීමට එක්සත් ජාතික නිදහස් පෙරමුණ තීරණය කර ඇත.

එමෙන්ම කිසියම් කොඨිටාශ තුළ ජනහිතකාමී, උගත්, බුද්ධිමත් ගුණාත්මක අපේක්ෂකයකු වෙනත් පක්ෂයකින් තරග කරන්නේනම් එම කොඨිඨාශ සදහා අපේක්ෂකයන් ඉදිරිපත් නොකිරීමට ද එක්සත් ජාතික නිදහස් පෙරමුණ තීරණය කර ඇත. ඒ ගුනාත්මක දේශපාලඥයින්ගේ අඩුවක් වත්මන් දේශපාලන වටපිටාව තුළ පවතින හෙයින් කුමන පක්ෂයෙන් හෝ ඉදිරිපත් වන්නේනම් ඔවුන්ට දක්වන සහයෝගයක් ලෙසයි.

අදාල කොඨිඨාශයේ ප්රයතිපත්ති ප්රිකාශය සකස්කිරීමේදී ද පක්ෂයේ මූලීක හරයන්ට හා ප්රනතිපත්ති වලට සමගාමීව ඒ ඒ ප්රපදේශවල පවත්නා සම්පත් හා වටිනාකම් තේරුම්ගනිමින් ඒ ඒ ප්ර්දේශවල විද්වතුන්ගේ හා ජනතාවගේ අදහස් උදහස් සහයෝගය ද ලබාගනිමින් එම ප්ර දේශයන්ට ආවේනික, ජනතාවට පිළිගත හැකි වැඩපිලිවෙලක් ඉදිරිපත් කිරීමටද එක්සත් ජාතික නිදහස් පෙරමුණ තීරණය කර ඇත.

දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩිකිරීමේ අරමුනින් අපේක්ෂක ලැයිස්තුවල 50% සහ 30% වශයෙන් ඉදිරිපත් කරන කාන්තා අපේක්ෂිකාවන්ද වෘත්තිමය ගරුත්වයක් ඇති කාන්තාවන් යෙදවීම පිළිබද එක්සත් ජාතික නිදහස් පෙරමුණේ අවධානය යොමුව ඇත.

එක්සත් ජාතික නිදහස් පෙරමුණ  ලංකාවේ ලියාපදිංචි අළුත්ම දේශපාලන පක්ෂය ද වේ.

[rns_reactions]