රනිල් සජිත්ට එරෙහිව චම්පිකව ෆෝම් කරයි

රනිල් සජිත්ට එරෙහිව චම්පිකව ෆෝම් කරයි
Spread the love

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නො කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ට උපදෙස් දී තිබිණි.

ඊයේ පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැති එම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී අගමැතිවරයා මේ බව සඳහන් කළ බව ඊට සහභාගි වූ මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක්ම සඳහන් කළහ.

මේ අවස්ථාව ජනාධිපතිවරණ අපේක්ෂකයන් ගැන කතා කළ යුතු අවස්ථාවක් නොවන බවත් 2015 දී පොරොන්දු වූ වැඩ කොටස ඉවර කළ යුතු බවත් අගමැතිවරයා පැවසූ බවද ඔවුන් පැවසුහ.

සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය එජාපයේ ජනාධිපති අපේක්ෂකයා වන්නේ යැයි මෑතක දී එම පක්ෂයේ මැති ඇමතිවරුන් විසින් කරන ලද විවිධ ප්‍රකාශයන් නිසා අගමැතිවරයා විසින් මෙම දැනුම් දීම කර තිබේ.