එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා බවට පත්වෙමින් ඉදිරි ජනාධිපතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර පෙන්වන ලෙස තමන් සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බව පාර්ලිමෙන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසයි.
ඊයේ(13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.
පාර්ලිමෙන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ ලංකාවේ අලි හීලෑ කිරීමට හැකි හොඳම නායකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවත් අග්‍රාමත්‍යවරයා සතුව අලි මන්ත්‍රයක් ඇති බවයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතර බලය මේවනවිට සජිත් ප්‍රේමදාස මහතාට හිමිව ඇති බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා සඳහන් කළේ සන්ධානගතව සිටින පක්ෂවල සහයද සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයාට හිමිව ඇති බවයි.
මේ අතර අග්‍රාමාත්‍යවරයා සහ සජිත් ප්‍රේමදාස මහතා සාකච්ඡා කර ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ස්ථාවරයකට පැමිණ ඇති බව දිලිප් වෙදආරච්චි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මේ අතර සන්ධානයක් ලෙස දැක්මක් සහිත පුද්ගලයෙකු සමඟ ඉදිරි ජනාධිපතිවරණයේදී කටයුතු කළ යුතු බව ජාඇල ප්‍රදේශයේදී අර්ජුන රණතුංග අමාත්‍යවරයා කියා සියේය.