රවී චම්පිකට ‍නෙලයි – Exclusive

Spread the love

මේ පවසන්න යන්නේ ඉතාම ගුජුප්සායජනක කථාවකි. කථානායක මෙගා පොලිස් ඇමති චම්පික රණවකය. තවත් ඉත්තෙක් සිටී. එනම් පසුගිය රජය සමයේ නිවාස සංවර්ධන අධිකාරියට රිංගවූ ගෝඨාගේ ගෝලයා බ්‍රිගේඩියර් සමරසිංහයි. වත්මන් රජයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ලබාදෙන වැඩපිලිවෙල යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර සහ මට්ටක්කුලිය ප්‍රදේශයේ ජනතාවට නිවාස 281 ලබාදීම වෙනුවෙන් උත්සවයක් පැවැත්වුනි. මෙය ජනතිවරයා අතින් උත්සවාකාරයෙන් විවෘත විය.

ඉන් අනතුරුව නිවාස ව්‍යාපෘතිය ඉදිකරන ලද භූමියේ සිටි කලින් පදිංචි ජනතාව නොසන්සුන් විය. හේතුව නම් ඔවුනට නිවාස ලබාදෙන පොරොන්දුව පිට ඔවුන්ගේ පැරණි නිවෙස් කඩා දමා අලුතින් නිවෙස් ඉදිකරන තුරු ඔවුනට රජයෙන් කුළී ගෙවා නිවාස ලබාදෙන ලදී. නමුත් ව්‍යාපෘතිය අවසන් විය. නිවාස අහිමි වූ මෝදර මට්ටක්කුලිය වින්දිතයන් හට එම නිවාස ලැබී නැත. නිවාස ලබාදී ඇත්තේ ප්‍රදේශයෙන් පිටස්තර ජනතාවටය. එම නිවාස ලබා දී ඇත්තේද රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබාගැනීමෙන් අනතුරුවය.

නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් තම ඉඩම් සහ නිවාස ලබාදුන් මෝදර සහ මට්ටක්කුලිය ප්‍රදේශයේ ජනතාවට තාවකාලික පදිංචිය සඳහා රජයෙන් කුලී ගෙවීමද නතර කරන ලද්දේ නිවාස ව්‍යාපෘතිය අවසන්ව ඇති නිසාය. නමුත් ඔවුන්ට නිවාස ලැබී නැත. මෙහි ගුජුප්සායජනක කථාව මෙයයි. අහිංසක අසරණ ජනතාව එලවා දමා මුදල් ඇති අයට නිවාස ලබාදීමට ඇමති චම්පික හා විශ්‍රාමික බ්‍රිගේඩියර් සමරසිංහ කටයුතු කර ඇත. මෝදර මට්ටක්කුලිය ප්‍රදේශයේ නිවාස සහ ඉඩම් අහිමි ජනතාවට නිවාස සඳහා ලක්ෂ 6 බැගින් ලබාදීමට වත්කමක් නැත. ඒ බව දැනගත් චම්පික ඇමතිවරයා සහ නිවාස සංවර්ධන අධිකාරියේ බ්‍රිගේඩියර් සමරසිංහ නැමති ගෝඨාභයගේ චග්ගෝල හිතවතා මුදල් වත්කම් ඇති පිටස්තර අය හට එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 6 බැගින් ලබාගෙන නිවාස ලබාදී ඇත. ඉන් ලක්ෂ 5ක් චම්පික ඇමතිවරයාටත් රුපියල් ලක්ෂයක් බ්‍රිගේඩියර් සමරසිංහ හටත් පෞද්ගලික පරිහරණය සඳහා ලබාගෙන ඇත. මෙයින් අසාධාරණයක් සිදුව ඇත්තේ අහිංසක ජනතාව නොවේද ?

මේ පිළිබදව ඊයේ පැවති උත්සවයකදී එජාප කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක සහ පාඨලී චම්පික අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. එම වේදිකාවේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාද සිටි අතර, ඒ අවස්ථාවේ රවී විසින් චම්පිකගෙන් විමසා ඇත්තේ ” මේ ගෙවල් දුන්නු විදිය වැරදියි, ඉඩම් නිවාස අහිමි උන මිනිස්සුන්ට නෙමෙයි ගෙවල් දීල තියෙන්නෙ. හොයල බැලුවෙ නැත්ද ගෙවල් දෙනකොට. මෙහෙම කලාම මේ මිනිස්සුන්ට අසාධාරණයක් වෙනවා, අනික ඇයි සල්ලි ගත්තෙ මිනිස්සුන්ගෙන්. ප්‍රොජෙක්ට් එකට රජයෙන් සල්ලි වෙන් කරනවනෙ ” යැයි පවසා ඇත. ඒ බැව් සිය කථාවේදීද රවී කරුණානායක මහතා ජනතාව ඉදිරියේ සඳහන් කොට ඇත. මෙම ගැටලුව පිළිබදව රනිල් වික්‍රමසිංහ මහතාද අදහස් දක්වා ඇති අතර අවසානයේ චම්පික රණවක අගමැතිවරයාටද යන බව නොපවසා ජනතාවගේ හූ හඬ මධ්‍යයේ එතැනින් පලාගොස් ඇත.

[rns_reactions]