ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා ඊයේ(13) කැඳවා තිබුණි.
පාස්කු ප්‍රහාරයෙන් පසුව නිකුත් වූ කාර්යාලීය නිල ඇඳුම් පිළිබඳ චක්‍රලේඛනය පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා ඔහු මෙලෙස කැඳවා තිබුණි.
එහිදී තේරීම් කාරක සභාවේ මන්ත්‍රීවරුන් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සෘජුවම ප්‍රකාශ කර සිටියේ මෙය විෂය භාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ පූර්ණ අනුමැතිය යටතේ නිකුත් කරන ලද චක්‍රලේඛනයක් බවයි.
මෙම චක්‍රලේඛනය මඟින් මේ වන විට අන්තවාදී මුස්ලිම් ජාතිකයින්ට පමණක් සුවිශේෂීවන ඇඳුම් පැලඳුම් නීතිය අහෝසිවන පරිදි ශ්‍රී ලංකා රජයේ ශ්‍රී ලාංකිකයින්ට පොදු ඇඳුම් නීතියක් රාජ්‍ය සේවයකින්ට හඳුන්වා දී තිබිණ. ‘රජයට අයත් කාර්යාවල ආරක්ෂාව තහවුරු කිරීම’ යන මාතෘකාව යටතේ සියලුම රාජ්‍ය සේවකයන්ට අදාළ වන පරිදි ඇඳුම් සම්බන්ධයෙන් චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ. මේ එම චක්‍රලේඛනයයි.

එහෙත් මෙරට සිටින අන්තවාදී, ජාතිවාදියෙකු ලෙස කුප්‍රකට දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරයෙකු වන එම්.ඒ.සුමන්තිරන් විසින් ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාට දිගින් දිගටම තර්ජන කරමින් තඟ දමමින් බලපෑම් කර සිටියේ මෙම චක්‍රලේඛනය අහෝසි කරන ලෙසයි. එහෙත් ඊට ලේකම්වරයා අනුකූලතාවයක් නොදැක්වූ තැන ඔහු දිගින් දිගටම ඇඟිල්ල දිගුකරමින් තර්ජනය කළේය.

