රාජකාරී වේලාවේ දී පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදුණු වෛද්‍යවරුන් තිදෙනෙකු පිළිබඳ විමර්ශනයක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ආරම්භ කර ඇත.
අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය විසින් මෙම වෛද්‍යවරුන් තිදෙනා රාජකාරී වේලාවේ දී පෞද්ගලික වෛද්‍ය සේවා කටයුතු සිදු කරමින් සිටිය දී හසුකර ගෙන තිබේ.
මාවනැල්ල මූලික රෝහලට අනුබද්ධව සේවය කරන එක් වෛද්‍යවරයෙක් පෙරවරු 9.45 ට පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදී සිටිය දී හසුකර ගෙන ඇති අතර, වලපනේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක දී වෛද්‍යවරියක් පෙරවරු 12.00 ට හසුකර ගෙන තිබේ. ඒ මාවනැල්ල, වලපනේ සහ කොස්ගොඩ පිහිටි පෞද්ගලික රෝහල් 03 ක දීය. එම වෛද්‍යවරිය වලපනේ දිසා රෝහලේ සේවය කරයි. කොස්ගොඩ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක දී තවත් වෛද්‍යවරයෙක් පෙරවරු 8.40 ට පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදී සිටිය දී හසුකර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය සඳහන් කරයි. මෙම වෛද්‍යවරයා කොස්ගොඩ මධ්‍යම බෙහෙත් ශාලාවට අනුයුක්තව සේවය කරයි. මෙම වෛද්‍යවරුන් තිදෙනා පිළිබඳ මූලික විමර්ශනයක් සිදු කර චෝදනා පත ගොනු කිරීමෙන් පසු රාජ්‍ය සේවා කොමිසන් සභාව වෙත දැනුම් දීමට නියමිත බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

