“නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව මත දක්වන තමන් අන්තවාදියෙකු යයි හඳුන්වන රාජිත සේනාරත්න අමාත්‍යවරයා ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කළ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට විරුද්ධව කිසිත් කියන්නේ නෑ තවත් ‘පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන දහසයක් පමණ තිබෙන ආර් සම්බන්ධන් මහතා මධ්‍යස්ථ මතධාරියෙක් බව රජය කියනවා. නමුත් ඊළාම් රාජ්‍යය ලබා ගැනීම සඳහා සම්මත කරගත් වඩුක්කොඩෙයි සම්මුතිය තවමත් ඔහු ප්‍රතික්ෂේප කර නෑ.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආණ්ඩුකාරවරයාගේ බලතල සහ සමගාමී ලැයිස්තුව අහෝසි කළාම රට නොබෙදෙන්නෙ කොහොමද කියලා ජනතාවට පෙන්නන්න ලෙස මම රාජිත සේනාරත්න ඇමතිවරයාට අභියෝග කරනවා.මේ රට ත්රස්තවාදීන්ගෙන් බේරා ගන්න සටන් කල අපි ජාතිද්‍රෝහීන් වෙන්නේ කොහොමද. නිසි කල ආවම රටේ නීතියට අනුව දේශද්‍රෝහීන් වීමේ වරදට රාජිත සේනාරත්න වැනි අයට දඬුවම් ලබාදීම ස්ථිරයි’” යැයි කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.