රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් කාමරයක් තුල තිබී පාවිච්චි කරන ලද කොන්ඩම් බාල්දි දෙකක් හමු වුණු බව එහි කුලපතිවරයා චෝදනා කරයි.
මෙම ශිෂ්‍ය ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙහෙයවන බවද ඔහු පවසයි.
රුහුණු සරසවියේ එක් ප්‍රදේශයක වසර පහලවක් තිස්සේ කිසිම ආචාර්යවරයෙක් කුලපතිවරයෙක් නැතැයිද කී ඔහු තමන් එය වෙනස් කරමින් එම ප‍්‍රදේශ නිසහස් කල බව ද කියා සිටී.
එම තහනම් කලාපයන් තුළ ඉතා අමානුෂික ලෙස නවකවදය දී ඇති බවද පැවසූ කුලපතිවරයා නවක සිසු සිසුවියන්ව බලහත්කාරයෙන් උද්ඝෝෂණ සඳහා සහභාගි කරවා ගෙන ඇතැයිද සඳහන් කලේය.