රෝසි කොළඹ පුරපති සටනට.. නියත වශයෙන්ම රෝසි විපක්ෂ නායක බවට ශ්‍රීලනිපයෙන් ප්‍රකාශයෙන්

Spread the love

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී රෝසි සේනානායක මහත්මිය එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවේ එ.ජා.ප. පුරපති අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

කාන්තා හා ළමා රාජ්‍ය ඇමැතිනිය ලෙස කලක් කටයුතු කළ රෝසි සේනානායක මහත්මිය මැලේසියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වන අතර නැඟෙනහිර කොළඹ එ.ජා.ප. ආසන සංවිධායකවරියද වෙයි.

කෙසේවෙතත් මැතිවරණය අවසානයේදී රෝසිට සිදුවන්නේ විපක්ෂ නායක පුටුවට වී සුසුම් හෙලීමට පමණක් බව මේ පිලිබදව විමසු විට අදහස් දක්වමින් ශ්‍රීලනිප ප්‍රබලයෙක් පැවසිය. විශේෂත්වය වන්නේ ඔහුද කොළඹ පුරපති සිහිනය දකින්නෙකු වීමයි..

[rns_reactions]