ලංකාදීප පුවත මුල් පුවත ටොම් පචයක් – පච පතුරන අගමැති මාධ්‍ය ඒකකයේ අතේ රෝල හෙළිවෙයි

Spread the love

අද (20) ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ශිර්ෂය ලෙස පළ කර තිබෙන “මහින්දත් එක්ක හවුලක් නෑ, ජනපති එජාප ඇමතිවරුන් දෙදෙනෙකුට කියයි” යන පුවත සම්පූර්ණයෙන්ම ගොතන ලද පුවතක් බව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු තහවුරු කර සිටී.

වාර්තා වන පරිදි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ව පළාත් පාලන ඡන්ද වීමසීමට තරඟ කිරීමට තීරණය කළහොත් එජාපයට අත්වන දැවැන්ත පරාජය හේතුවෙන් එය වැළැක්වීම උදෙසා මෙම මෙහෙයුම දියත් කර තිබේ. ඒ අනුව ඉදිරියේදීද එවැනි පුවත් නිර්මාණය කර මාධ්‍ය වෙත මුදාහැරීමට එජාපයෙන් මාධ්‍ය මෙහෙයුමක් දියත් කර ඇති අතර අගමැති මාධ්‍ය ඒකකය ඊට නායකත්වය දී ඇති බවද වාර්තා වේ.

මේ අතර එක්ව තරඟ කිරීම පිළිබඳ ශ්‍රීලනියේ දෙපාර්ශවය අතර මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන අතර ඒවා සාර්ථක අදියරක ඇති බවත් ක්‍රියාත්මක අදියරට පැමිණීමට පෙර අතිගරු ජනාධිපතිතුමන් හා හිටපු ජනාධිපතිතුමන් අතර රහස් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් එහිදී අවසන් තීරණය ගනු ලබන බවත් වාර්තා වේ.

දෙපාර්ශවය එක් කිරීමට දැඩි විරෝධයක් පළ කරමින් සිටි විමල් වීරවංශ මහතාද තම ස්ථාවරය වෙනස් කරගනිමින් ප්‍රකාශ කර ඇත්තේ මෙලෙස බෙදී වෙන් වී සිටීමෙන් එජාපය තවත් ප්‍රබල වන බැවින් රට ගැන සිතා එක්වන්නේ නම් තමන්ගේ සහය ලැබෙන බවයි.

[rns_reactions]