ඉස්ලාම් අන්තවාදයේ ආරම්භය දේශීයව මෙරටදී ආරම්භ වූවක් නොවන අතර එය මීට දශක කිහිපයකට පෙර විදේශීය ආරම්භ වී මෙරටට ඉතා සූක්ෂමව පැමිණ ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ රටේ මේ වන විට උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් විශේෂ රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙම ඉස්ලාම් ත්‍රස්තවාදය අන්තවාදී නොවන ඉස්ලාම්වරුන්වම ඝාතනයෙන් ආරම්භ වී ඇති බවත් මෙහි ආරම්භය 1996 දක්වා අතීතයට ගමන් කරන බවත් ඔහු පැවසීය. මෙම ත්‍රස්තවාදී සංවිධානයේ ආරම්භයද එල්ටීටීඊ සංවිධානයේ ආරම්භයට සමාන බවත්, 1979 දී මතුව 1983 දී එල්ටීටීඊ සංවිධානය ආරම්භ වුවද එයට 1969 දක්වා අතීතයකට දිව ගිය අන්තවාදී මූලාරම්භයක් ඇති බව තිලංග සුමතිපාල මහතා පෙන්වා දෙයි.
සියවස් ගණනාවක් පැරණි දේශීය සංස්කෘතිය සමඟ බද්ධ වී පැවති මෙරට මුස්ලිම් සංස්කෘතිය විනාශ කරමින් ක්‍රමිකව මෙම ඉස්ලාම් අන්තවාදී ඉගැන්වීම් තුළින් මෙරට මුස්ලිම් ජනතාව සමඟ ගොඩනඟා ගෙන තිබූ එම සංස්කෘතික බැඳීම විනාශ වී ගිය බවත්, එය අද වන විට ත්‍රස්තවාදයක් බවට පත්ව මුළු රටටම හිසරඳයක් වී ඇති බවට මෙහිදී තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා කරුණු සහිතව ගෙනහැර දැක්වීය.
ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ දේශීය ව්‍යාප්තිය සිදූ වූ ආකාරය සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා,

