ලංකාවේ ටීම් එකේ ඉන්නේ ප්‍රනාන්දුලා විතරයි”” ඒ ඇමතිත් ප්‍රනාන්දු නිසාද ?

ලංකාවේ ටීම් එකේ ඉන්නේ ප්‍රනාන්දුලා විතරයි”” ඒ ඇමතිත් ප්‍රනාන්දු නිසාද ?
Spread the love

දකුණු අප්‍රිකාවත් සමග පැවැත්වෙන එක්දින තරඟාවලිය ක්‍රීඩා කරන්නේ ලෝක කුසලානය පෙරහුරුවක් ලෙස බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අද (07) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

”ලංකාවේ ටීම් එකේ ඉන්නේ ප්‍රනාන්දුලා විතරයි මොකද ඇමතිත් ප්‍රනාන්දු නිසාද කියලා සමහරු අහලා තිබුණා.එහෙම හිතන එක තමයි ලංකාවට මේ ප්‍රශ්ණෙ වෙලා තියෙන්නේ.මං දන්නෙත් නෑ ඒ තරුණයෝ කවුද කියලා.නමුත් ලංකාවේ පෙරේරලා ප්‍රනාන්දුලා සිල්වාලා වැඩියි..එයාලා හොඳ සෙල්ලංකාරයෝ. දිනුමේදි වගේම පරාජයේදී අපි ඔවුන්ට සහයෝගය දෙන්න ඕන

…මේ තරඟ ටිකේදී පැරදුනා කියලා නෙමෙයි හරි සුසංයෝගය තොරන එක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා මම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ කරන හැමෝගෙන්ම ඉල්ලනවා කලබල වෙන්න එපා.  අපේ ඉලක්කය වෙන්න ඕන ලෝක කුසලානය.  අපි කොහාමහරි පළවෙනි හතරට එන්න ඕන ..ඒ නිසා පොඩි පොඩි වෙනස්කම් කරන්න ඕන තැන් හොයාගන්න තමයි මේ තරඟ පහ ගහන්නේ.  ඒ නිසා කලබල වෙන්න ඕන නෑ. මේ ආන්ඩුව වගේ ක්‍රිකට් කණ්ඩායමත් කවදාවත් වැටෙන්නේ නැතිවෙයි කියලා විශ්වාස කරනවා..” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.