ඉදිරි එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (15) දින නම් කරනු ලැබුවත් ලසිත් මාලිංග සංචිතයේ හිටියේ නැහැ. මේ කියන්න යන්නේ ඒ ගැන, අපි හැමෝටම දුක හිතෙන කතාවක්.
මාලිංග ඉදිරි තරඟාවලියේ ක්‍රීඩා කරන්නේ නැහැ වගේම ඉදිරියත් කවදාවත්ම ලසිත් මාලිංග නොහොත් yoker king ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරනවා දකින්න වෙන්නේ නැහැ.
මේකට මුලිකම හේතුව වෙලා තියෙන්නේ මාලිංග ක්‍රිකට් පරිපාලනය ගැන මධ්‍යයේ දෙහි කපපු එක. මාලිංග වෙනුවෙන් පරිපාලනය ඇටවූ උගුලේ ගැඹුර කිවහොත් අවුරුද්දේ හොඳම 20/20 පන්දු යවන්නා සම්මානය ලැබී මාස 3ක් යාමට මත්තෙන් කණ්ඩායමෙනුත් ඉවත් කරලා. මේ පළිගැනීමේ සැලසුම ගැන තවත් තහවුරු වෙයි මේ ටිකත් කියවුවහම
“අපි ලසිත් මාලිංගගේ ක්‍රිකට් ඉවර කරා” මේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ ප්‍රභල සාමාජිකයන් දෙදෙනෙක් තමන්ගේ හිත මිතුරන්ට කියලා තිබුණ කතාවක්. ඉතිං තව කතා මොකටද. ආයිත් අපිට මාලි ලංකාව වෙනුවෙන් එක්දින හෝ විස්සයි විස්ස තරගාවලියකට සෙල්ලම් කරනවා දකින්න ලැබෙන්නේ නෑ. හැබැයි සමහර විට තව එකම එක දවසක් මාලිංග රට වෙනුවෙන් සෙල්ලම් කරනවා අපිට දකින්න ලැබෙයි. ඒ අනිවාර්යයෙන් මාලිංගගේ සමුගැනීමේ තරගය වෙයි. අපි බොහොම විශ්වාසයෙන් ඒ ගැන කියන්නේ අපිට ලැබුනු අතිශයින්ම විශ්වාසවන්ත තොරතුරු වලට අනූවයි.
මොකද ක්‍රිකට් පරිපාලකයෝ තීරණය කරලා තියෙනවා ලසිත් මාලිංග ක්‍රිකට් වලින් සමුගන්න තීරණය කරොත් විතරක් ඒ වෙනුවෙන් එකම එක තරගයක් ලබා දෙන්න. ඒ හැරෙන්න ලංකාව වෙනුවෙන් කිසිම තරගාවලියකට මාලිව ගන්නේ නෑ කියලයි පරිපාලකයෝ තීරණය කරලා තියෙන්නේ.
ඉතිං මේ ගැන ලසිත් මාලිංගගේ පාර්ශවයෙන් අපි විමසීමක් කරා. එතකොට අපිට දැන ගන්න ලැබුනේ මාලිංග මේ සම්බන්ධව කිසිම දෙයක් කියන්න කැමති නැති බවයි.
“මම කර බා ගෙන ඉන්නවා, එච්චරයි කියන්න තියෙන්නේ” මේ තමයි මාලිංග අපිට එවූ ප්‍රතිචාරය.