මහා බැංකු මූල්‍ය වංචාව පිළිබදව විමර්ෂණය කෙරෙන බැඳුම්කර කොමිසමේදී හෙළිව තිබූ කරුණු කිහිපයක් පසුගිය දිනවල කතාබහට ලක් වුණා.
එනම් ආන්දෝලනාත්මක පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සමග , දූෂණ වංචා පිළිබද පරීක්ෂණ කිරීමට පිහිටුවා ඇති පාර්ලීමේන්තු කෝප් කමිටුවේ සාමාජිකයින් පස් දෙනෙකුම දුරකතන සංවාද පවත්වා තිබෙන බවයි.
කෝප් කමිටු සමාජිකයන් වන අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි සහ හර්ෂණ රාජකරුණා වන පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනා මෙලෙසට අර්ජුන් ඇලෝෂියස් සමග දුරකතන සංවාද පවත්වා තිබුනා.
ඔවුන් සහ ඇලෝසියස් අතර මෙම දුරකථන සංවාද ඇති වී තිබුණේ මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුව පිලිබඳ විමර්ශනය කරන සමයේ බවද බැදුම්කර කොමිසමේදී හෙළිදරවු වී තිබුනා.
කෙසේ වෙතත් බැඳුම්කර කොමිසමේදී හෙළිදරවූ වී තිබුනා යැයි පැවසෙන දුරකථන සංවාදයක් ෆේස්බුක් සමාජජාලයේ හුවමාරු වෙමින් පවතිනවා,
ඒ අර්ජුන් ඇලෝසියස් සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා අතර සිදු වුනා යැයි පැවසෙන දුරකථන සංවාදයක්,
ෆේස්බුක් පරිශීලකයෙකු පළකර තිබූ එම සංවාදය පහතින්
// කෝප් කමිටුවේ සාමාජිකයින් පර්පෙචුවල් ට්‍රෙසරීස් සමාගමේ අයිතිකරුවන් වන අර්ජුන් ඇලෝසියස් මහතා සමග දුරකථන සම්බන්ධකම් පවත්වා ඇත්දැයි සොයා බැලීම සඳහා රහස් පොලිස් උප පොලිස් පරීක්‍ෂක යසාන්ත ජයසිංහ මහතා කළ පරීක්‍ෂණයේ වාර්තාවක් ඊයේ (16 දා) බැඳුම්කර ජනාධිපති කොමිසමට ඉදිරිපත් කෙරිණි.
අජිත් පී පෙරේරා මහතා ලබා ගත් දුරකථන ඇමතුම් දෙකෙන් එකක් ලබාගෙන තිබුණේ කෝප් කමිටුව යන අතර වාරයේදී ස්ථාවර දුරකථනයෙන් වන අතර, රහස් පොලිසිය විසින් එය පටිගත කරගෙන තිබුණි. එසේ පටිගත කරගෙන තිබුණේ කෝප් කමිටුවේ කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරීසේන මහතාගේ නියෝගයෙන් රහස් පොලිසිය විසින් ඒ ගැන පරීක්ෂණ ආරම්භ කර තිබූ බැවිනි. එම හඬ පටය කොමිසම ඉදිරියේ වාදනය වුවද මාධ්‍යවේදීන්ට පටිගත කිරීමට අවසර නොතිබූ නිසා එහි සිටි නීතීඥයෙක් එය සටහන් කරගෙන මාධ්‍ය වෙත ලබා දී තිබුණි. එම දුරකථන සංවාදය පහත දැක්වේ.
Ajith: Arjun you free to talk?
Aloysius: I was about to call you. Any news?
Ajith: Difficult to tackle these guys. Only UNPers at COPE are with us.
Aloysius: Doesn’t look good. You have to help me out here. PM and HE both promised nothing would happen.
Ajith: HE is the problem. Bugger seems to be working against PM and UNP
Aloysius: Machan you have to do something. Didn’t see this coming. Ask PM to intervene. Use Viber next time when you talk. Inform others too.
Ajith: Ok Arjun let’s try that. Talk later.
එහි සිංහල පරිවර්තනය මෙලෙසයි.
අජිත්: අර්ජුන්, ඔබට නිදහසේ කතා කරන්න පුලුවන් ද?
ඇලෝසියස්: මම ඔබට කතා කරන්න හිටියේ. ආරංචි මොනවා ද?
අජිත්: මේ මිනිස්සු එක්ක බේරගන්න අමාරුයි. කෝප් එකේ සිටින එජාපයේ අය අපි සමගයි.
ඇලෝසියස්: පේන විදිහ හොඳ නෑ. ඔබට මා හට උදව් කරන්න වෙනවා. PM සහ HE දෙන්නම පොරොන්දු වුණ දේවල් කිසිවක් වෙන එකක් නෑ.
අජිත්: HE තමයි ප්‍රශ්නය. මේ කරදරකාරයා PM ට සහ UNP යට එරෙහිව කටයුතු කරනවා.
ඇලෝසියස්: මචන් ඔබට යමක් කරන්න සිද්ධ වෙනවා. මේ දේවල් වෙන බවක් පෙනුනේ නෑ. PM ගෙන්මැදිහත් වෙන්න කියල ඉල්ලන්න. ඔබ ඊළඟ වතාවේදී වයිබර් භාවිතා කරන්න. අනිත් අයටත් දන්වන්න
අජිත්: හරි අර්ජුන් අපි උත්සාහ කරමු. පසුව කතා කරන්න.
එම සංවාදයේදී PM ලෙස හැඳින්වූයේ අගමැතිවරයා වන අතර HE ලෙස හැඳින්වූයේ ජනාධිපතිවරයා බව කොමිසමේදී පැහැදිළි කෙරුණි.
// උපුටා ගැනීම: ෆේස්බුක් වෙබ් අඩවිය //
කෙසේ වෙතත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා එම චෝදනා වලට අපූරු පිළිතුරක් දී තිබුනා,
එනම් ” පට්ටපල් බොරැ ලියන උන්ට හෙන හත වැදේවා “ ලෙසය.
[rns_reactions]