ලොව පුරා කාන්තාවන් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරූ අයුරු

ලොව පුරා කාන්තාවන් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරූ අයුරු
Spread the love

මාර්තු 08 වැනි දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ලොව පුරා නගරවල කාන්තාවන්ට වෙනස් කොට සැලකීම පිළිබඳව දැනුවත් කිරීමේ පෙළපාලි පැවැත් වූහ.

කොරෝනා වෛරසය පිළිබඳ කනස්සල්ල නොතකා මෙම විරෝධතා පුළුල්ව හා හොඳින් සංවිධානය කර තිබුණේය.

ලොව පුරා ජනයා සියවසකට වැඩි කාලයක් තිස්සේ කාන්තාවන් සඳහා විශේෂ දිනයක් ලෙස මාර්තු 8 සලකුණු කර ඇත. එය කම්කරු ව්‍යාපාරයෙන් වර්ධනය වී එක්සත් ජාතීන්ගේ පිළිගත් වාර්ෂික උත්සවයක් බවට පත්විය.

විරෝධතා කිහිපයක් ස්පාඤඤ්ය පුරා පැවැත් විණි. මැඩ්රිඩ් අගනුවර පැවති (ඉහළ පින්තූරය* විරෝධාවට සහභාගී වූ ස්ත්‍රීවාදී කණ්ඩායමක් විසින් සමාන වැඩ කිරීමේ අයිතිවාසිකම්, ගබ්සා කිරීමට කාන්තාවන්ට ඇති අයිතිය සහ කාන්තාවන්ට එරෙහි හිංසනය අවසන් කරන ලෙස ඉල්ලා සිටියහ.
එක්සත් රාජධානියේ බොහෝ ස්ත්‍රීවාදී කණ්ඩායම් වීදි පාගමන් වෙනුවට වීදි උද්ඝෝෂණ පැවැත්වූ නමුත් ලන්ඩනයේ පැවති මෙම ‘මාර්තු 4 කාන්තා’ උද්ඝෝෂණයට බි‍්‍රතානය ජාතික ජනප‍්‍රිය නිළි නටාලි ඩෝර්මර් (තැඹිලි ස්කාෆයකින් සැරසී* ඇතුළු කාන්තාවන් විශාල පිරිසක් සහභාගී වූහ.
ඉන්දුනීසියානු අගනුවර වන ජකර්තාහි පැවති පාගමනකදී, විවිධ සංවිධාන හා වෘත්තීය සමිතිවල කාන්තාවන් ඉල්ලා සිටියේ, “සර්වබලධාරී නීතිය” වැනි ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කොට සැලකීමේ නීති ලෙස තමන් දකින දේ අවලංගු කර කාන්තාවන් ආරක්ෂා කිරීම සඳහා නව නීති සම්පාදනය කරන ලෙසයි.
ජර්මනියේ “දම් පාට ගමන” යනුවෙන් ලේබල් කරන ලද ස්ත්‍රීවාදී උද්ඝෝෂණයක කොටසක් ලෙස කාන්තාවන් සිය ගණනක් බර්ලිනයේ වීදි හරහා පාපැදි පැදවූහ.
තුර්කියේ ග්‍රීසිය සමඟ දේශ සීමාවේ කාන්තාවන් ජාත්‍යන්තර කාන්තා දිනය සමරන විට ඔවුන්ට දේශ සීමාව තරණය කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් පැවැත්වූහ. සංක්‍රමණිකයන් සහ ග්‍රීක දේශසීමා ආරක්ෂකයින් අතර අතර දරුණු ගැටුම් ඇති වී ඇත්තේ කලින් යුරෝපා සංගමයට පිවිසීමට ය
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද තරඟයකදී බංග්ලාදේශ ආබාධිත කාන්තාවන් පිරිසක් ඩකා අගනුවරට ආසන්නයේ පැසිපන්දු ක්‍රීඩා කළහ.
ප්‍රචණ්ඩ තර්ජන සහ නීතිමය පෙත්සම් හමුවේ පාකිස්තානය පුරා නගර කිහිපයක පාගමන් පැවැත්විණි. 
ඉස්ලාමාබාද් හි පැවැති උද්ඝෝෂණයකට සහභාගී වී සිටින ‘කාන්තාවන්ට එරෙහි හිංසනය නතර කරන ලෙස‘ ඉල්ලා සිටින පුවරු රැගත් කාන්තාවන් පිරිසක්
කිර්ගිස් අගනුවරදී වෙස්මුහුණු පැලදී පිරිමින් උද්ඝෝෂණයේ නිරතව සිටි කාන්තාවට පහර දුන් බවට වාර්තා වීමෙන් ටික කලකට පසු බිෂ්කෙක් පොලිසිය කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන් දුසිම් ගණනක් රඳවා තබා ගත්තේය. ක්‍රියාකාරීන් පවසන්නේ රටේ කාන්තා අයිතිවාසිකම් පිරිහෙමින් පවතින බවයි.
බෙලාරුස් හි කාන්තාවන් ජාත්‍යන්තර කාන්තා සැමරීම සඳහා “රූපලාවණ්‍ය ධාවන තරඟයකට” සහභාගී වූහ. 
මෙන්න, කාන්තාවන් ධාවනයට පෙර උණුසුම් වන අයුරු
ස්පාඤ්ඤ්යේ අගනුවර වන මැඩ්රිඩ් හි සොල් චතුරස්‍රයේ කාන්තාවන් ජාත්‍යන්තර කාන්තා දිනය ආරම්භ කිරීම සනිටුහන් කිරීම සඳහා මුළුතැන්ගෙයි භාජන ගෙන පැමිණ සිටියේය.

Pictures by BCC.COM