පාස්‌කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා රජය වසන් කරන බව මැල්කම් රංජිත් කාදිනල්තුමා විදේශ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
වතිකානුවට ගොස් ශුද්ධෝත්තම පාප්වහන්සේ හමුවීමට පෙර කාදිනල්තුමා මේ බව දන්වා ඇත.
රජයට මේ ගැන බරපතළ වගකීමක් තිබෙනවා. දැන් රජය කමිටු හා කොමිසම් පත්කර තිබෙන අතර ඔවුන් පැත්තෙන් පැත්තට චෝදනා කර ගන්නවා. එහෙත් මම දන්නවා කවුද වගකියන්න ඕන කියලා යෑයි මැල්කම් රංජිත් කාදිනල්තුමා කීවේය.
ඉන්දියාවෙන් ලබාදුන් තොරතුරු තමන්ට දුන්නා නම් සෑම පල්ලියක්‌ම වසන බව පැවසූ කාදිනල්තුමා හැමෝම එකිනෙකාට බැනගන්නා බවත් සත්‍ය වසන් කරන බවත් කීවේය.
මේ සිද්ධිය ගැන ජනාධිපතිගේ කටයුතු ද ගැටලුවක් බවද කාදිනල්තුමා කීවේය.
වතිකානුවේ සිට කාදිනල් හිමියන්ගෙන් ආණ්ඩුවට චෝදනා..
