වදක තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණ අද සහ හෙට

වදක තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණ අද සහ හෙට
Spread the love

වදක තනතුර සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද(02) සහ හෙට(03) යන දිනයන්වල බන්ධනාගාර දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, තෝරාගත් අයඳුම්කරුවන් 79 දෙනෙකු සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවයි.

එම අයඳුම්කරුවන් 79 දෙනා අතරින් වදක තනතුර සඳහා සුදුසු පුද්ගලයින් දෙදෙනෙකු තෝරාපත්කර ගැනීමට නියමිත බව එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේය.

වදක තනතුර සඳහා අයඳුම්පත් 102ක් ලැබී තිබුණු අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් එම අයදුම්පත්‍ර සලකා බැලීමේන් අනතුරුව අයඳුම්පත් 79ක් තෝරාගෙන තිබුණි.

අමෙරිකානු ජාතිකයෙකු ද මෙම තනතුර සඳහා අයදුම්පතක් යොමු කළ තිබු අතර මෙම තනතුර සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන් පමණක් බඳවා ගන්නා බැවින් ඔහුගේ අයඳුම්පත ප්‍රතික්ෂේප කළ බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේය.