පෙරේදා (27) බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී වාසුදේව විසින් ගෝඨාභයට එරෙහිව කළ ප්‍රකාශය මහින්දගේ උපදෙස් මත සිදුවූවක් බව වාර්තා වෙයි. ‘ගෝඨා පිටුපස ඉන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදය’ යයි වාසුදේව කීවේය. ගෝඨා, මිලින්ද මොරගොඩ සහ රොබට් බ්ලේක් එක්ව කුමන්ත්රණකාරී දේශපාලනයක නියෙලෙන බව වාසුදේව පෙන්වා දුන්නේය. තවද ” 225ම එපා ”, ‘තවදුරටත් දේශපාලනඥයන් එපා වැනි ‘ප්‍රොපගැන්ඩා’ පුටුපස සිටින්නේ ගෝඨාභය සහ මිලින්ද මොරගොඩ කන්ඩායම බව වාසුදේව එහිදී කියා තිබුනි.
මහින්දගේ රතු ඉර
පාස්කු ප්‍රහාරයෙන් පසුව ” මම ඉස්ලාමීය ත්රස්තවාදයට එරෙහිව ජනපති සටනව එනවා’ කියමින් ගෝඨා කරලියට ආවේය. ව්‍යවසනයක් අතර තුර එවන් ප්‍රකාශයක් කිරීම් ගැන මහින්ද පාර්ශවයෙන් ගෝඨා වෙත බලවත් විරෝධයක් එල්ල විය. නමුත් ගෝඨාගේ ආධාරකරුවන් ගේ මතය වුයේ 2020 සටනට ආශිර්වාදයක් මෙන් ඇතිවූ රැල්ල පවත්වාගෙන යා යුතු බවය. පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු ගෝඨා දෙරණ 360 වැඩසටහනට ආවේය.
අතින් කාගෙන රොබට් බ්ලේක් ගෙන්වීම
පාස්කු ප්‍රහාරයෙන් සති දෙකක් ගත වෙත්ම මිලින්ද මොරගොඩ හිටපු ඇමෙරිකානු තානාපති රොබට් බ්ලේක් ගෙන්වා දේශණයක් තැබුවේය. අතොරක් නැතිව ගෝඨාගේ ගුණ වැයූ රොබල් බ්ලේක් ”ගෝඨාගේ ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතුයි” කීවේය. රොබට් බ්ලේක් ගෙන්වා සංදර්ශනයක් තැබීම ගැන මහින්ද සිටියේ බලවත් කලකිරීමකිනි. රොබට් බ්ලේක් ඔබාමා පරිපාලනයේ නිලධාරියෙකු වන අතර දැන් හපයක් සේ පැත්තකට විසි කොට ඇති අයෙකි. දැන් ඔහු කරන්නේ මුදලට ලොව පුරා දේශන පැවැත්විමය. පාස්කු ප්‍රහාරය හරහා ඇමෙරිකාවේ සැගවුනු න්යාපත්රය හෙලිදරව් වූ පසුබිමක අතින් කාගෙන රොබට් බ්ලේක් ගෙන්වීම මෝඩ කමක් බව මහින්දගේ මතය විය.
” වල් පරයා ඕකා මාව කෑවා ”
මිනුවන්ගොඩ ප්‍රහාර මාලාව සියල්ල උඩුයටිකුරු කළේය .මධුමාධව මිනුවන්ගොඩ සැරිසරණ අයුරු දුටු මහින්ද ගෝඨාබය ඇමතුවේ තිත්ත කුනුහරපයෙනි . මහින්ද දේශනය පටන්ගත්තේ ” වල් පරයා ඕකා මාව කෑවා ” යයි කියමිනි. මහින්ද්ගේ කථාවට සවන් දුන් ගෝඨා නිවසින් පිට වූයේ දැඩිකලකිරීමෙන් සහ හුළං ගිය බැලුමක් මෙනි. 2020 සටනට ගෝඨාට විවරණ දීමට මහින්ද මුලසිටම පස්ස ගැසුවේය . යම් හෙයකින් ගෝඨා බලයට පැමිනියහොත්, කාල්ටන් නිවසේ බලය ගෝඨා ගේ නිවසට මාරු වන්නේය. එය නාමල්ගේ දේශපාලනය අනතුරේ දැමීමකි.
සිරිසේනගේ මීලග තුරුම්පුව
දැන් මහින්ද යලින් රෑට රෑට සිරිසේන සමග කථා පවත්වන්නේය. ලබන මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ආබෲ විශ්‍රාම ගැනීමට නියමිතය. වර්තමාන අගවිනිසුරු ධූරය හොබවන්නේ ඔක්තෝබර් කුමන්ත්රනය නීත්යානුකූලයයි කියු ජයන්ත ජයසූරියයි. දැන් මුළු ශ්‍රේෂ්ඨාධිකරණයම පාහේ සිරිසේන පත් කල එකකි. සිය ධූර කාලය ආරම්භ වන්නේ කවදාද යන්නට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපනයක් ලබා ගැනීම සිරිසේනගේ මීළග තුරුම්පුවය. බෝහෝ විට එය සිරිසේනට වාදිදායක තීන්දුවකි. එසේ වුව හොත් ඔහුට 2020 ජූනි දක්වා රැදී සිරීමට හැකි වනු ඇත. ඒ අනුව මුලින් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් නොව පාර්ලීමෙන්තු මැතිවරණයකි.
මරා- සිරා රහස් සැලසුම
ඥාන-සාර හිමි වැඩට බැසීමත් සමග ගෝඨා වටා ඇති සිංහළ බෞද්ධ බලවේගය බෙදී යන්නේය. ඥාන-සාර හිමි හීන් නූලෙන් පහර දෙන්නේ බැසිල්ට මහින්දට නොව ගෝඨාබයටය. තවද අසාත් සාලි, හිස්බුල්ලා වැනි දේශපාලකයන් සිටින්නේද සිරිසේන සමගය. සිරිසේනගේ සැලසුම මහින්ද සමග එක්ව පාර්ලීමේන්තු මැතිවරණය පලමුව කැදවා එහි වැඩි බලය අත්පත් කර ගැනීමය. අනතුරුව සිදුවන්නේ මහින්ද සහ සිරිසේන යන දෙදෙනාටම තනතුරු හිමිවන ලෙස ආන්ඩු ක්‍රමව්‍යවස්ථාව වෙනස් කිරීමය. කාල්ටන් නිවසට අභියෝගයක්ව ඇති ගෝටා නිෂ්ක්‍රීය වන්නේය.
-විශේෂ ලියුම්කරුවෙකු විසිනි-
lankanewsapp.com