වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවරට හෙට උදේ 06වන තෙක් ඇදිරි නීතිය..

වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවරට හෙට උදේ 06වන තෙක් ඇදිරි නීතිය..
Spread the love

මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

මහනුවර දිගන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් එය මැඩපැත්වීම සඳහා අද(05) දහවල් පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබුණි.

කලහාකාරී තත්ත්වය මැඩපැවැත්වීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවා ඇති අතර ඇදිරිනීතිය ද ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කළේය.

හෙට(06) පෙරවරු 6 දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම කාලය තුළ නීති විරෝධීව හැසිරෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කරයි.