නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවීමට ගත් යෝජනාව වහා අවලංගු කරන ලෙසට හිටපු අධිකරණ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ඉල්ලා සිටී.කථානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යොමුකරමින් මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතින් සකස් කිරීම සඳහා පත්කර ඇති ව්‍යවස්ථා මණ්ඩලය නීතියෙන් බල ශුන්‍ය ඊනියා ආයතනයක් බව පවසන විජේදාස රාජපක්ෂ මහතා එය බරපතළ ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය කරන අනුවණ ක්‍රියාවක් බවද සඳන්කර සිටී.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලි ප්‍රතිපාදන තිබියදී හිතාමතා එය උල්ලංඝනය කිරීම රටේ ජනතාවගේ පරමාධිපත්‍ය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් වන බවද එමගින් ප්‍රජාතන්ත්‍රවාදයේ හුස්ම හිරකරවා රට තුළ අරාජික තත්ත්වයක් නිර්මාණය කරන බවද විජයදාස රාජපක්ෂ මහතා කථානායකවරයාට දැනුම් දී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මගින් රට බෙදා වෙන්කිරීමට මුල පුරන ප්‍රතිපාදන යෝජනා කර ඇතැයිද එයද පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෘජුව මෙන්ම වක්‍රවද උල්ලංඝනය කිරීමක් බව රාජපක්ෂ මහතා පැවැසීය.
තමන්ද ඇතුළත්ව පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්් එක්ව කටුයුතු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවීම සඳහා සම්මත කරගත් යෝජනාව සද්භාවයෙන් ගත් වැරදි තීන්දුවක් සේ සලකා වහා අවලංගු කරන ලෙසද විජේදාස රාජපක්ෂ මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටී.
මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී වන නිසා මෙහෙයුම් කමිටුව හා එහි අතුරු වාර්තාවද නීති විරෝධී බල ගැන්වීම් බල ශුන්‍ය එකක් බවට ප්‍රකාශ කර ඒවායේ ක්‍රියාකාරීත්වය අවසන් කරන ලෙසද හෙතෙම කථානායකවරයාගෙන් ඉල්ලා සිටී.

