රථ වාහන වැරදි කිහිපයක් සම්බන්ධයෙන් දඩ මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා පවසයි.
ඒ අනුව බීමතින් රිය පැදවීම, අධික වේගයෙන් රිය පැදවීය, දුම්රිය හරස්මාර්ග සංඥා නොතැකීම ඇතුළු වැරදි හතක් සම්බන්ධයෙන් මෙසේ දඩ මුදල් ඉහල දැමීඹට සාකච්චා වෙමින් ඇති බව ඔහු සදහන් කලේය.
මීට පෙරද මෙම වැරදි සදහා දඩ මුදල් වැඩි කිරීමට යෝජනා වුවත් වැඩි කරන ලද්දේ රුපියල් 3000කින් පමණක් යයිද ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

