Deprecated: Function WP_Dependencies->add_data() was called with an argument that is deprecated since version 6.9.0! IE conditional comments are ignored by all supported browsers. in /home/u994491065/domains/supirigossip.com/public_html/wp-includes/functions.php on line 6131
විග්නේශ්වරන්ට එරෙහිව භාර දුන් විශ්වාශභංගයට විරෝධය පල කිරීමක් වශයෙන් උතුරේ හර්තාල්... - Supiri Gossip
Friday, 13 February 2026

විග්නේශ්වරන්ට එරෙහිව භාර දුන් විශ්වාශභංගයට විරෝධය පල කිරීමක් වශයෙන් උතුරේ හර්තාල්…

Spread the love

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන්ට එරෙහිව භාර දුන් විශ්වාශභංගයට විරෝධය පල කිරීමක් වශයෙන් අද (16) යාපනය දිස්ත්‍රීක්කයේ පූර්ණ හර්තාලයක් ක්‍රියාත්මක වන බවත් උතුරේ සෙසු දිස්ත්‍රික්කයන්හි කළු කොඩි ප්‍රදර්ශනය කර තිබූ අයුරු දැක ගත හැකි විය.

යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි සියලුම වෙළඳසැල්, පාසල් වසා තිබුණු අතරම යාපනය සරසවියේදී සියලුම පීඨයන්හි දෛනික අධ්‍යාපනික කටයුතු සිදු නොවිණි.

උතුරේ සෙසු දිස්ත්‍රික්කයන් වන මුලතිව් , කිලිනොච්චිය ,මන්නාරම හා වව්නියාව යන දිස්ත්‍රික්කයන්හි කළු කොඩි ප්‍රදර්ශනය කැරිණි.


(රොමේෂ් මධුෂංඛ)

[rns_reactions]