විදුලිබල ප්‍රධාන කාර්යාලය හදිසි නිරීක්ෂණයක

විදුලිබල ප්‍රධාන කාර්යාලය හදිසි නිරීක්ෂණයක
Spread the love

ලං.වි.ම. තුළ වියදම අඩු කරලා අලාභය නැති කිරීමේ වැඩපිළිවෙලකට අපි හැකි ඉක්මණින් යන්න ඕන. පාරිභෝගිකයා තමයි අපේ මූලික අරමුණ වියයුත්තේ. ඒ සංකල්පය මත පිහිටා අපි වැඩ කළ යුතුයි. පාරිභෝගිකයාට වඩාත් සමීපව කටයුතු කරන ආයතනයක් වශයෙන් ලංවිම පරිවර්ථනය කිරීම තමයි අපිට අවශ්‍ය වන්නේ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස් පළකළේ, ඊයේ (22) පෙරවරුවේ චිත්තම්පලන් ඒ ගාඩිනර් මාවත පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයීය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

මෙම නිරීක්ෂණ චාරිකාවේදී අමාත්‍යවරයාගේ වැඩි අවධානයක් යොමු වූයේ ඇමතුම් මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳවය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ……

“මේ මූලස්ථානයේ තියෙන අළුත්වැඩියා කිරීම් සහ නව ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු පුළුවන් තරම් ඉක්මන් කරන්න කියලා මම මේ අවස්ථාවේ අදාළ අංශයන්ට උපදෙස් දෙනවා. ඒ වගේම ලං.වි.ම. ඇමතුම් මධ්‍යස්ථානයේ වැඩකටයුතු වඩාත් කාර්යක්ෂමව සිදුකර, ඒ තුළින් පාරිභෝගිකයාට හැකිතාක් සමීපව සේවා සපයන ආයතනයක් බවට ලංවිම පත් කිරීමට කටයුතු කළ යුතුයි. ඒ සදහා දැනට තිබෙන පහසුකම් වලට අමතරව නවීන පහසුකම් සහිතව නවීකරණය කරන ලද ඇමතුම් මධ්‍යස්ථානය අප්‍රේල් 05 දින වනවිට විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යැයි පැවසීය.

වසර ගණනාවකට පෙර නාරාහේන්පිට ප්‍රදේශයේ ඉදිකිරිමට යෝජිතවූ ලංවිම නව කාර්යාල පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු මේ වනතෙක් නිමාවී නොමැති බැවින්, එය සිදුකිරීමේ හැකියාව පිළිබදව සොයා බලා, හැකි ඉක්මණින් එම ඉදිකිරීම් ආරම්භ කළ යුතු බවත්, පාරිභෝගිකයාට ඵලදායි, කාර්යක්ෂම, ගුණාත්මක මෙන්ම අඛණ්ඩ විදුලි සේවාවක් සැපයීම වෙනුවෙන් ලං.වි.ම. කාර්ය මණ්ඩලයේද පහසුකම් සපුරා දියයුතු බැවින්, යෝජිත නව කාර්යාල පරිශ්‍රයේ ඉදිකිරීම් කඩිනම් කළයුතු බවත් අමාත්‍ය කරුණානායක මහතා පැවසීය.