විනාසයි! විනාසයි!..මුදල් අමාත්‍යංශය විනාසයි! මංගලගේ මුදල් අමාත්‍යංශය මාෆියාකරුවකු සහ ජාවාරම්කරුවකු අතට!

Spread the love

මුදල් අමාත්‍යංශය මංගල සමරවීර අතට පත්වීමත් සමඟ ඊට අයත් ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය හිමිවීමට නියමිත අතර ඒ සඳහා ඔහුගේ ගජයින් දෙදෙනකු වන රුවන් ෆර්ඩිනැන්ඩස් සහ තුසිත හල්ලොලුව විසින් අත්පත්කරගැනීමට සැලසුම් සකස්කරමින් සිටින බවට වාර්තාවේ.

තුසිත හල්ලොලුව යනු නිරන්තරයෙන් ටයි පොල්ලෙන් බෙල්ල සිරකරගෙන සිටින අයෙකු වුවද අ.පො.ස (සා/පෙ)වත් සමත් නැති වාසි පැත්තට පනිමින් දේශපාලනය කරන මැඩියෙකු වන අතර මොහු කෙටි කාලයක් ශ්‍රී ලංකා ටෙලිකොමි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේද සිටි අතර එම තනතුර යොදාගනිමින් සිදුකළ කුප්‍රකට ජාවාරම් සහ දූෂණ ක්‍රියා හේතුවෙන් එයින් පන්නා දැමූවෙකි.

මෙරට මාධ්‍ය කේෂ්ත්‍රයේ කුප්‍රකට මාෆියාකරුවෙකු වන රුවන් ෆෙන්ඩිනැන්ඩස් සහ කුප්‍රකට නම ගිය ජාවාරම්කරුවකු වන තුසිත හල්ලොලුව මෙම ආයතන දෙකට අයත් මුදල් යොදාගනිමින් මාධ්‍ය මාෆියාව සහ දැනට සිදුකරගෙන යනු ලබන ජාවාරම් පුළුල් කිරීමට සූදානමින් සිටී. රුවන් සහ තුසිත යනු මංගලගේ දකුණත සහ වමත වැනි අතර මිත්‍රත්වයට එහා ගිය සම්බන්ධයක් ඔවුන් තුළ පවතින බව දන්නෝ හොඳින්ම දනිති. මේ නිසාවෙන් යම් හෙයකින් මංගලට මෙම ලාභ උපයන මූල්‍ය ආයතනය දෙක ලබාදුනහොත් එය මෙහෙයවීමේ පූර්ණ අධිකාරිය මෙම රුවන් සහ හල්ලොලුවට ලබාදීමට ඇමති මංගල පසුගියදා එකඟ වී ඇත.

ඒ සඳහා රුවන් සහ හල්ලොලුව මේ වන විටත් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඔවුන්ට සුපුරුදු මඩ මාධ්‍ය ව්‍යාපාරයක් අරඹා ඇත. රුවල් ෆෙඩිනැන්ඩස් මේ වන විට දේශපාලඥයින් කිහිපදෙනෙකුට මුවා වී විවිධ කූට ඡඩමාධ්‍ය ව්‍යාපාර කිහිපයක් මෙහෙවන අතර ඒ වෙනුවෙන් අනෙකුත් දේශපාලඥයින්ගේ චරිතද ඝාතනය කරමින් සිටී. කප්පම් මත පුවත් පළකිරීමත් ගැලවීමත් සිදුකරන බවට නම් දරා සිටින මාෆියාකරුවකු වන රුවන්ගේ අතිජාත මිත්‍රයා වන්නේද මංගල මෙන්ම නිසි අධ්‍යාපනයක් නැති එහෙත් ජාවාරම් සඳහා කුප්‍රකට තුසිත හල්ලොලුව බව දේශපාලන සහ මාධ්‍ය කේෂ්ත්‍රයේ බොහෝ දෙනෙකු දන්නා කරුණකි.

යම්හෙයකින් මංගල අතට මෙම මූල්‍ය ආයතන දෙක පත්වීම තුළ සවිමත් වන මෙම බූවලු න්‍යායේ මාෆියාකරුවා සහ ජාවාරම්කරුවා වත්මන් ජනාධිපතිවරයාගේ සිට සියලු දේශපාලඥයින්ට, ප්‍රබල ව්‍යාපාරිකයින්ට සහ කලාකරුවන් ඇතුළු සියල්ලටම පෞද්ගලික මරුපරහක් වනවා නියතය.

වගකිව යුතු රජයක් ලෙස අවම අධ්‍යාපන සුදුසුකම්වත් නොමැති අයවලුන්ට රට සහ රටේ ආර්ථික මරමස්ථාන බිලි දී එහි ඉරණම අවසන් කිරීමට පෙර එය වලක්වා ගැනීමට මැදිහත්වීම ජනාධිපතිවරයාගේ සිට රජයේ බලධාරීන්ගේත්, වෘත්තිකයින්ගේත් යුතුකමක් සහ වගකීමක් වනු ඇත.

[rns_reactions]