පුරා සතියක් පුරා ඔබ අප විරවංශ නාටකය හොදින් නරඹමින් එහි දුක්මුසු රසමුසු කතා විවේචනය කරමින් කාලය ගතකරමින් සිටි. එකල විරවංශ කියා සිටියේ හිරගෙවල් සීයක දැම්මත් රට වෙනුවෙන් කරන සටන අතහරින්නේ නැතැයි යනුවෙනි. නමුත් අද වන විට ඔහුගේ සටන් පාටය වෙනස් වී ඇත. ඔහු කියා සිටින්නේ තමන් පමණක් නොව ආශු මාරසිංහ ඇතුළු අනෙකුත් නම් ගිය පුද්ගලයන්ද තමන් සමග හොරකම්කර ඇති බැවින් තමාට දී ඇති දඩුවම ඔවුනටද හිමිවිය යුතු බවයි.
රාජපක්ෂ සාමය තුල සරත් ෆොන්සේකාට අත් වූ ඉරණම අප ඔබට කිසි සේත් අමතක කල නොහැක. අප මේ කීමට උත්සහා ගන්නේ විරවංශ සහ සරත් ෆොන්සේකා සිරගෙයි සිටින විට කටයුතු කල ආකාරය පිළිබඳවයි.
——විමල් විරවංශ——-
මහජන දේපල අවභාවිතා කොට සිරගත වන විමල් ඇප ලබා ගැනීම සඳහා විවිධ කුඨ උපායන් පාවිච්චි කළේය. අවසානයේදී ආහාර නොගෙන උපවාසයක් ආරම්බකළේය. තමාගේ හොර තක්කඩිකම් සඳහා විමල් දරු දෙදෙනා සහා බිරිඳ ඉතාමත් පහත් ලෙස යොදාගනිමින් සිටි. මාධ්‍ය ඉදිරියට පැමිණ ඔවුන්ද පියාගේ කීමට සුපුරුදු රංගනයක නිරත වෙයි. වේදිකාවට නැග සිංහයකු සේ ගෝරනාද දෙන විමල් තම බිරිඳ හා දරුවන්ගේ කදුළු මතින් ගොඩ යාමට මාන බලා සිටි.
කියවන්න ….විමල්ගේ දියණියගේ වයස හදිසියේම අවුරුදු 12ට වඩා අඩු වෙයි.
——ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා—–
සරත් ෆොන්සේකා සිරගතකොට ඇති අවස්ථාවේ මහින්ද රාජපක්ෂ කියා සිටියේ කල වරදට සමාව ගන්නේ නම් ඔහු නිදහස් කල හැකි බවයි. එයට අවනත නොවන බව දැනගත් මහින්ද රාජපක්ෂ මහතා දෙවනුව කලේ සරත් ෆොන්සේකා මහතාගේ පවුලේ කවුරු හෝ සමාව ගන්නේ නම් ඔහුට හිරෙන් නිදහස් විය හැකි බවයි.
වරෙක ඔහුගේ දියණියන් දෙදෙනා වන අප්සරා ෆොන්සේකා සහ අපර්ණා ෆොන්සේකා වෙත ඔවුන්ගේ ලගම හිතවතෙකු ගොස් පවසා ඇත්තේ “තාත්තා වෙනුවෙන් සමාව අපි ගනිමු” යනුවෙනි. මේ පිළිබඳව දැනගත් සරත් ෆොන්සේකා කියා ඇත්තේ “මගෙන් පළිගන්න උන්ට මං වෙනුවෙන් මගේ දරු දෙන්නා කිසි ලෙසකින්වත් පළිහක් කරගන්න මම ඉඩ තියන්නේ නැහැ. මම නොකළ වරදකට මං වෙනුවෙන් ඔය ඕකුන්ගෙන් සමාව ගත්තොත් ආයේ මට තාත්තා කියලා කථා කරන්න එන්න එහෙම එපා.” යනුවෙනි.
වීරවංශට අවවාදයක් ලෙස අපට කියන්න තියෙන්නේ තමන්ගේ හොර තක්කඩි වැඩ සඳහා දරුවන් ගාවා ගැනීමෙන් වළකින ලෙසයි. එමෙන්ම 9 වන ශ්‍රේණියෙන් ඉහලට අධ්‍යාපනයක් ලබා ගැනීමටත් නොහැකි වී, සීගිරිය නැරඹීමටත් නොහැකි වී, පත්තරකාරයෙක් වීමටත් නොහැකි වී, තමන්ගේ වයසට සරිලන නිකැලැල් තරුණියක හා විවාහ වීමටත් නොහැකි වී, ගෞරවනීය දේශපාලකයෙකු වීමටත් නොහැකි වී තමන් විනාශ වූවා මදිවාට දරුවන්ගේ ජීවිතත් විනාශ නොකර අනාගත යථාර්තයට පිරිමියෙකු ලෙස මුහුණ දීමට උත්සහා ගන්න ලෙසයි.