විමල්ට සහ දරුවන්ට අසාධ්‍යයි

Spread the love

උපවාසයේ නිරත පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ජලය පානය කිරීම ද මේ වන විට ප‍්‍රතික්ෂේප කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. ඒ අනුව ඔහු අද උදෑසන ආහාරය ද නොගෙන ඇති අතර මන්ත‍්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව බන්ධනාගාරයේ වෛද්‍යවරුන් නිරන්තර විමසිල්ලෙන් පසුව බව ද සදහන්.

බන්ධනාගාරයේ වෛද්‍යවරුන් සඳහන් කරන්නේ ඊයේ උදෑසන සිට ආරම්භ කළ මෙම උපවාසය අඛණ්ඩව සිදු කලහොත් මන්ත‍්‍රීවරයාගේ සෞඛ්‍යට බලපෑමක් වනු ඇති බවයි. 

තම පියා මෙලෙස  උපවාසයේ යෙදෙන බැවින්  විමල් වීරවංශගේ පුතු සහ දියණියද ආහාරපාන නොගෙන රෝගී  තත්වයට පත්ව තිබෙනවා. එම නිසා  තම දරුවන් දෙපල රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව ශෂී විරවංශ මහත්මිය පැවසුවේ. විමල් වීරවංශගේ පුතු ටිකට් කපා රෝහලෙන් පිටව ගොස් ඇති අතර දියණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මාරු කර යවා ඇති බව ද  ඇය සඳහන් කලා..

තමන්ට ඇප ලබානොදීමට විරෝධය පළ කරමින් විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා මෙලෙස උපවාසයේ නිරතව සිටියි.