ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බවට සිදු කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් එම පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා ඊයේ (29) ප්‍රකාශ කළේය.
ඔහු ගම්පහ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ තම පක්ෂයේ නායකයා මෙවැනි ප්‍රකාශයක් සිදු කරනු ලැබුවේ තමන්ට දුන් බලය අත්හැරීමට සිදුවීම නිසා බවය.
එමෙන්ම සිය පක්ෂයේ නායකයාගේ කටයුතු සහ ප්‍රකාශයන් අනුව ඔහු පිළිබඳ සැකයක් තමන්ට මතුවන බව ද ඔහු එහිදී අනාවරණය කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“මහ ලේකම් තුමා කිව්වා අද මෛත්‍රීපාල ජනාධිපතිතුමා හම්බ වෙන්න විමල් විරවංශ නායක තුමයි අපි කට්ටිය යනවා ඔයා එන්න කියලා.මන් කිව්වා මන් එන්නේ නෑ කියලා.ඇයි කියල ඇහුවා.පාර්ලිමේන්තුව මඟ හැරලා අලුත් ව්‍යවස්ථාවට පස්සේ දොරෙන් වෙන යෝජනා දෙන්න ඕනේ නෑ. අපිට තිබුණා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒක පිළිගන්නේ නැත්තම් ජනාධිපතිතුමාට බල කරන්න මේවා පිලි නොගෙන රට බෙදනවා නම් ඒකට අපි විරුද්ධයි කියන්න අයිතිය තිබුණා.හැබැයි එතැනට ගිහින් ඒක පැහැදිලි කරන්න ගියේ නෑ.මාත් මඟ හැරියා,අත්හැරියා.ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න නායකයෝ දේශපාලනය ඉතා ඉහළින් තේරුම් ගත්ත නිසා තමයි මහින්ද රාජපක්ෂ,දිනේෂ් ගුණවර්ධන,වාසුදේව නානායක්කාර වැනි දීර්ඝ කාලයක අත්දැකීම් ඇති නායකයෝ කිව්වා මේකෙන් ඉවත් වෙන එක වැරදියි.”
“මේක ඇතුළේ ඉඳගෙන පරාජය කරන්න ඕනේ අපි ජනතාවගේ නියෝජිතයෝ විදියට.ඒ නිසා අද වෙනකොට ජාතික නිදහස් පෙරමුණ අන්ත අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා.මේ ආණ්ඩුවේ අපට චන්දේ දීපු ජනතාවගේ මතය කියන්න තැනක් නෑ.පාර්ලිමේන්තුවෙන් 30,31 සහ පළවෙනිදා ඉන්න ඕනේ එළියේ.පාර්ලිමේන්තුවේ කතා කරන්න බලය නැති කර ගත්තා.ඒ නිසා තමයි කල්පනා කරන්න ඇත්තේ බෝම්බ ගහන්න.එතකොට මේක පරාජය කරන්න තියන මාවත අත්හැරලා බොරුවට කෑගහන එක කරන්නේ කවුද?අපේ නායක තුමන්.එතකොට අපේ නායකතුමන් මට හිතෙනවා මෙතුමාත් එක්ක ඩිල් එකක් හින්දා තමයි මේ කරන්නේ.ඒ නිසා මන් අහනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වුවමනාව ඉෂ්ඨ කරන්න විමල් විරවංශ මැතිතුමා මේ ව්‍යවස්ථාදායක කමිටුවෙන් මඟහැරලා ගියා කියලා” එහිදී ඒ මහතා මෙසේද අදහස් දැක්වීය.