
බන්දුල ගුණවර්ධන යනු දේශපාලනයේ විහිලු කාරයෙකි. තමන් හිටියේ කොහොද යන්නේ කොහෙද තැන නොතැන මතක නැති ඔබ විකාරෙන් මෙන් කියවන කතා අප කොතෙකුත් අසා ඇත. දේශපාලනයේ පරිණත භාවයෙන් ඔබ්බට ගොස් මාධ්‍ය දුටු පමණින් මොනවා හෝ පාරම් බෑමට පුරුදු වී සිටින ඔබ ඒ සියලු කථා අවසානයේ කරන ලද විවේචන ඔබගේ රෙද්ද අස්සේද ඇති බව පෙන්වා දෙමි.
හාල් වලින් බියර් නිෂ්පාදනයට අවසර දුන්නේ මහින්ද රාජපක්ෂ රජයෙන්ය. ඒ මාතලේ එතනෝල් වසන්න නොහොත් ලක්ෂ්මන් වසන්ත පෙරේරාගේ අරක්කු නිෂ්පාදන සමාගමටයි. ඒ රජයේ ඔබ අධ්‍යාපන ඇමතිව සිටි බව අප ඔබට සිහිපත් කරමි. මහින්ද රාජපක්ෂ රජය ලංකාවේ සහල් අතිරික්තයක් හැදූ බවට පාරම් බෑවද එම ගබඩාවල ඇති සහල් කුණු කොල්ලයට ගෙන ලක්ෂ්මන් වසන්තලාගේ බියර් සමාගම් වලට දෙනවිට ඔබට ඔය පැනය නැගුනේ නැත්තේ ඇයි දැයි අසමි.
ජොන්ස්ටන් ප්‍රනාන්දුලා එතනොල් ගෙන්වා වයඹ සිට අරක්කු පෙරත්දී, සතොසට පිටරටින් කුණු කොල්ලයට හාල් ගෙන්වා රටේ ජනතාවට කන්න දී, රටේ වී තිබූ අතිරික්තයෙන් බියර් පෙරන්නට කිලෝවක් රුපියල් 7 ගානේ කුණු කොල්ලයට විකුණත්දී ඔබට ඔය පැනය නැගුනේ නැත්දැයි අසමි. එසේ නොමැතිනම් ඒ සල්ලි මලු අස්සේ ඔබ සැඟව සිටියාදැයි අප නොදනිමි. සමස්ත රට වැසියන් ගොනාට අන්දනවා හැරෙන්නට ඔබට වෙන රාජකාරියක් පවරාගත යුුතුයත එනම් ඔබගේ ඇඟේ ඇති කුණු ටික ඔබ සොදාගෙන පැමිණිය යුතුය.
ඔබට විශාලම පැනයක් වී ඇති වී බියර් සමාගමට ලබාදීමට වඩා, නුඹගේ පුත්‍රයා විසින් කරගෙන යන කූට ව්‍යාපාරය ගැන මතක් කරමි. රසායන භාවිතයෙන් තොරව එලවලු විකුණනවා යැයි පවසා නුඹගේ පුත්‍රයා විසින් පිටකොටුවෙන් මැනින් මාකට් කුණු එලවලු පටවාගෙන ගොස් විකිණීම හරිදැයි බන්දුලගෙන් අසමි.

