ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ දිනවල වඩාත් කතාබහට ලක්වන චරිතයක්. වර්තමාන ආණ්ඩුවේ ප්‍රාදේශීය සංවර්ධන ඇමැතිවරයා වන සරත් ෆොන්සේකා මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් මතු දැක්වේ.
ප්රශ්නය- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව සාටකයෙන් එල්ලිය යුතු බවට ඔබ කළ ප්‍රකාශය ඇත්තටම කළ ප්‍රකාශයක්ද නැතිනම් ඒ අවස්ථාවේ ඇති වූ ආවේගය මත කළ ප්‍රකාශයක්ද?
පිළිතුර – නෑ……. මම කිව්වේ එයා 2005 දී ත්රස්තවාදීනට සල්ලි දුන්නා ඩොලර් මිලියන දෙකක්. ඒ දෙමළ ජනතාව ජන්දය දාන එක වළක්වන්න. මම එදා කතාවේදී කිව්වේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙයා කර තිබෙන්නේ මරණීය දණ්ඩනය නියම කළ යුතු වරදක් කියලා. එහෙම කියලා මම කිව්වා සාටකයෙන් කකුල් දෙකෙන් එල්ලන්න ඕනේ කියලා. මට මතක විදිහට මම කිව්වේ එහෙම තමයි. එක එක්කෙනා මේ ගැන ප්‍රශ්න කරන නිසා ඒ කතාව මට ආයෙත් අද අහන්න ඕනේ කියලා නිලධාරීන්ට පැවැසූවා. නැතුව සාටකය දාලා බෙල්ලෙන් එල්ලන්න ඕනේ කියලා මම කිව්වේ නෑ. දේශපාලන වේදිකාවේදී ඉතින් අපි එක එක වචන පාවිච්චි කරනවනේ. මම කිව්වේ සාටකයෙන් කකුල් දෙකෙන් එල්ලන්න ඕනේ කියලා. ගෝල්ෆේස් එකේ කියලත් මම කිව්වද දන්නේ නෑ. මගේ හිතේ තිබුණේ එහෙම දෙයක්. ඒගොල්ලනුත් මම ඒකාලේ හිරේ ඉඳිද්දී ගෝඨාභය රාජපක්ෂ විදේශ මාධ්‍යවලට සිංගප්පුරුවේදී කිව්වේ මාව එල්ලලා මරණවා කියලා. ඒ නිසා අපි එහෙම කිව්වා කියලා ඒ ගැන මහ ලොකුවට කතා කරන්න එයලාට අයිතියක්වත් සදාචාරයක්වත් නෑ.
ප්රශ්නය – ඔබ යටතේ විශේෂ බළකායක් ස්ථාපිත කරන්න ඇමැති මණ්ඩලයේදී තීරණය කළ බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළා. මෙය ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී කළ විහිළුවක් කියා එස්. බී. දිසානායක ඇමැතිවරයා ප්‍රකාශ කළා. නමුත් ජනතාවට මෙය ප්‍රශ්නයක් මිස විහිළුවක් නොවේ. ඇත්තටම එවන් බළකායක් ඔබට භාර දෙන්නද හදන්නේ?
පිළිතුර – කැබිනට් එක කියන්නේ ඔය වගේ විහිළු කරන්න හොඳ තැනක් නොවෙයිනේ. ඔය විහිළුව දුරදිග ගියා වැඩියිනේ දැන්. එහෙම නම් ඒක විහිළුවක් නොවන බවට දැන් ඔප්පුවෙලා ඉවරයි. ජනාධිපතිතුමා මා දිහා බලලා රටේ උද්ඝෝෂණ අරවා මේවා ගැන කතා කරලා ඇහුවා ” ෆීල්ඩ් මාර්ෂල්තුමා කැමතිද ආයෙත් යුද්ධ හමුදාව භාර ගන්න කියලා. මම අත් දෙකෙන්ම සංඥා කරලා කිව්වා “කැමැති නෑ” කියලා පෙන්නුවා. ඊළඟට ඇහුවා “එහෙනම් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර හරි ගන්නකෝ” කියලා. එතකොටත් මම අත් දෙකෙන්ම ” කැමැති නෑ කියලා” කිව්වා. ඊට පස්සේ තමයි ජනාධිපතිතුමා කිව්වේ” ඔබතුමා මොකක් හරි වගකීමක් දරන්න ඕනේ, මේ ප්‍රශ්නයට අපි පිළිතුරු සොයන්න ඕනේ වගකීම ගන්න සුදානම් වෙන්න ” කියලා. මම කිව්වා මට නැවත හමුදාව භාරගන්න බැහැ. යම්කිසි කමිටුවක්, යාන්ත්‍රණයක් හදලා එය මට භාර ගන්න පුලුවන් කියලා. ඒ අවස්ථාවේ කැබිනට් මණ්ඩලේ සිටිය සියයට අනූවක් අනූපහක් පමණ ඒක අනුමත කළා. යාන්ත්‍රණයක් හැදිය යුතු ආකාරය ගැනත් එක එක අය එක එක දේ කිව්වා. ඒ වගේ තීරණයකින් තමයි ඒක අවසන් වුණේ. ඒක විහිළුවට කියපු දෙයක් කියලා මට නම් ඒ වෙලාවේ තේරුණේ නෑ. මට තේරුණේ ජනාධිපතිතුමාට අවශ්‍යතාවක් තියෙනවා මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ ක්‍රියාදාමයක් හදන්න මාව පාවිච්චි කරන්න කියලා. හැම දෙනාටම තේරුම් ගියේ එහෙමයි. එහෙම නම් ජනාධිපතිතුමා කියන්න එපැයි ” නෑ… නෑ… මං මේ විහිළුවක් කළේ” කියලා.
ප්රශ්නය – අයිතිවාසිකම් දිනා ගැනීමට රජයට එරෙහිව වෘත්තීය ක්‍රියා මාර්ග ගන්නා වෘත්තීය සමිති දඩයම් කිරීමට සහ බිය වැද්දීමටද මෙවැනි බළකායක් ඔබතුමාට භාර දෙන්න සූදානම් වන්නේ.
පිළිතුර – බළකායක් කිව්වට මේක හමුදා බළකායක් නොවේ. පසු අවස්ථාවකත් ජනාධිපතිතුමා, මම සහ රාජිත සේනාරත්න ඇමැතිතුමා හමුවෙලා මේ ගැන කතා කළා. මෙය කුමන ආකාරයෙන්ද ආ යුත්තේ කියා අප තීරණය කළේ නෑ. ඒක එන්න පුළුවන් මගේ අමාත්‍යාංශයට යා වෙලා මගේ ඇමැතිධූරය යටතට පැවැරෙන තවත් වගකීමක් වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් අත්‍යවශ්‍ය සේවාවන්ට වෙන් වූ අමාත්‍යාංශවල ලේකම්වරු අපට සම්බන්ධ කරගන්න වෙනවා. අනිවාර්යයෙන්ම මේවා විසඳන්න වෙන ක්‍රමයක් සොයනවා නම්, දොස්තරලා වර්ජනය කරනවා නම් විකල්පයක් ලෙස වෙන කවුරුහරි ඒ රාජකාරිය කළ යුතුයි.
ප්රශ්නය – ඇයි සාකච්ඡා මාර්ගයෙන් විසඳන්න බැරිද
පිළිතුර – සාකච්ඡා මාර්ගයෙන් විසඳන්න පුළුවන්. සාකච්ඡා කරන්න අගමැතිතුමා ඉන්නවා ඊට අමතරව ඇමැතිවරයා ඉන්නවා. මේවා විසඳන්න තවත් ක්‍රමයක් තියෙනවා. ඒ මහින්ද රාජපක්ෂගේ ක්‍රමයට. ඒ ක්‍රමයට අපි කැමැති නෑ. වෙඩි තියලා මිනිස්සු මරලා, ලබා දෙන විසඳුම අපි කවදාවත් අනුමත කරන්නේ නෑ. අනෙක් ක්‍රමය තමයි එයාලා වර්ජනය කරනවා නම් තවත් පිරිසක් දාලා අපි රාජකාරිය කරනවා. අන්න එවැනි ක්‍රමයක් ගැන තමයි අපි කතා කළේ. මේ ක්‍රමයට අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන්නයි මේ යාන්ත්‍රණය හදන්නේ.
ප්රශ්නය – බොහෝ දෙනා විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂය මෙවැනි බළකායකට එරෙහි වන්නේ ඔබ වෛරී ෙච්තනාවෙන් පළිගැනීම සඳහා කටයුතු කරන කෙනෙක් බව පවසමින්.?
පිළිතුර – එතකොට ඒකාබද්ධ විපක්ෂයේ නායකයා සෝවාන් වෙලාද? එයා දේශපාලනය කළේත් කරන්නේත් මෛත්‍රීය වපුරවමින්ද? එයා අපේ පවුල්වලින් පළිගත්තා. ළමයින්ගෙන් පළි ගත්තා. ළමයින් දුටු තැන අල්ලනු කියලා පෝස්ටර් ගැහුවා. එයා එක්ක ජන්දේ ඉල්ලපු නිසා ප්‍රතිඵල නිකුත් කරලා සති දෙකක් යන්න කලින් මාව හිරේ දැම්මා. එතකොට ඒකාබද්ධ විපක්ෂයේ නායකයා කවදාවත් වෛර කරලා නෑ පළි අරගෙන නෑ, සෝවාන් වෙලා. ඒකාබද්ධ විපක්ෂය ඔය වගේ කරන ප්‍රකාශවලට තමයි කියන්නේ දෙකොනින් කතා කරනවා කියලා.
ප්රශ්නය – අඛණ්ඩ වැඩ වර්ජනයක් සඳහා දින නියම කරන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ලෑස්තිවෙනවා. මේකට මුහුණ දෙන්න දැන් ආණ්ඩුව ලෑස්තිද?
පිළිතුර – මා සම්බන්ධ වී කරන වැඩ කටයුතු පිළිබඳ යෝජනවා සම්බන්ධයෙන් තවමත් මොකුත් කරලා නෑ. දැනට ඒ අදාළ අමාත්‍යාංශවලට අගමැති ජනාධිපති උපදෙස් දෙයි. ඒ ඇරෙන්න වෙනත් ආකාරයේ පියවර ගැන මට නම් ආරංචි වෙලා නෑ.
ප්රශ්නය – ඔබතුමා හිතවත් නීතිඥවරුන් කිහිප දෙනෙකු සමඟ මේ අලුත් යාන්ත්රණයට අදාළ පනත් කෙටුම්පතක් සකසන බවටත් තොරතුරු ලැබෙනවා. පනත් කෙටුම්පත් කෙරෙනවද මේ දිනවල.
පිළිතුර – නෑ. එහෙම දේකට මම නම් සම්බන්ධ වෙලා නෑ. අනෙක එහෙම දෙයකට අලුතින් පනත් කෙටුම්පත් අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඔය හමුදාවලට අතීතයේ සිටම බලතල තිබෙනවා. යම්කිසි කාර්යයක් රටේ කඩාකප්පල් වෙනවා නම්, අඩපන වෙනවා නම් එහිදී යම් යම් රාජකාරී භාරගෙන කටයුතු කරන්න. ඒත් රාජපක්ෂලා වගේ හමුදාව දාලා වෙඩි තියන්න නොවේ. මුට්ට උස්සන්නේ නැත්නම් හමුදාව දාලා මුට්ට උස්සන්න පුළුවන්. ඒකට අලුතින් පනත් අවශ්‍ය වෙන්නේ නෑ.
ප්රශ්නය – මෙවැනි බළකායක් සරත් ෆොන්සේකාට භාරදීමෙන් වෙන්නේ එතුමාගේ ඉතිරි වෙලා තියෙන මයිල් ගසත් ගැලවෙන එකයි කියලා කේ. ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කර තිබුණා. මේක සරත් ෆොන්සේකා ඇන ගනී කියලා ඩිලාන් පෙරේරා ඇමැතිවරයා කියා තිබුණා.?
පිළිතුර – අද මම ඉන්න තත්ත්වයේ සහ අද මට රටේ තියෙන පිළිගැනීම තියෙන්නේ එක මයිල් ගහක් ඉතිරි වෙලා නම් මම සර්ව සම්පූර්ණව හිටපු දවස්වල කෙසේ හිටියද කියලා ලාල් කාන්ත මා ගැන ප්‍රතිරූපයක් මවාගෙන ඇති. එක මයිල් ගහක් ඉතිරි වෙලාත් ලාල්කාන්තයි මමයි ඉන්න හැටි ගැන සංසන්දනය කරන්න. පුළුවන්නේ. මට එක මයිල් ගහක් ඉතිරි වෙලා තියෙනවා නම් ලාල් කාන්තට මොනවද ඉතුරු වෙලා තියෙන්නේ. ඒක ජනතාව තීරණය කළ යුතුයි. ඩිලාන් පෙරේරාට නම් මට කියන්න තියෙන්නේ ඩිලාන්ට වගේ ඇනගන්න පුරුද්දක් මට නෑ කියලා. මම එහෙම ඇනගෙනත් නෑ. සමාජයේ පිළිගැනීමක් මට ලැබිලා තියෙනවා. යා යුතු තැනට ගිහින් තියෙනවා. එයා ඇන ගත්ත තැන් මට කියන්න පුළුවන්. ඒව ඕගොල්ලන් පත්තරේ දායිද දන්නේ නෑ.
ප්රශ්නය – සයිටම් ගැටළුවට විසඳුම් ලෙස වෛද්‍යවරු ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක නොකරන නිසා නේද වෘත්තීය සටන් ඉදිරියට ඇවිත් තිබෙන්නේ?
පිළිතුර – සයිටම් ගැන තීන්දු තීරණ අතීතයේ ගත්තේ. එදා පාදෙනියලා ඒ අයට ආශිර්වාද කළා මිසක් වචනයක්වත් කතා කළාද? රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට, ඕනෑ විදිහට රට පාලනය කරන්න බැහැ. රට පාලනය කරන එක එයාලාගේ වැඩක් නොවේ. අධ්‍යාපනය ගැන තීන්දු තීරණ ගන්න රජයක් තියෙනවා. වෛද්‍යවරුන්ට පුළුවන් මතයක් ප්‍රකාශ කරන්න. රජය පෙරළන්න කඩා කප්පල් කාරී ක්‍රියා කරනවා නම් රජයේ වෛද්‍යවරුන් ඉන්නේ දේශපාලන න්යායපත්රයකට වැඩ කරන්න කියලා ජනතාව වටහා ගනීවි. එහෙම වුණොත් ඒ අයට තියෙන පිළිගැනීම ගෞරවය නැති වී යාවි.
ප්රශ්නය – ඔබ ජනාධිපති අපේක්ෂක කාලයේත් ඉන් පසුවත් රටේ දූෂණ වංචාවලට එරෙහිව දැඩිව හඬ නැගුවා. අද ඔබ ඇමැතිවරයෙක්. කෝ වංචා දූෂණ කළ අය අල්ලාගෙන දඬුවම් දුන්නද? ඇයි ආණ්ඩුව මන්දගාමී….?
පිළිතුර – අපි නිතර නිතර කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිතුමාට, අගමැතිතුමාට මේ ගැන නිතර මතක් කරනවා. ඒ බලකිරීම අපි දිගින් දිගට කරනවා. නමුත් යම් යම් ක්ෂේත්රවල වගකිවයුත්තන් මේක ක්‍රියාවට යොදවන්න ඕනෑ. එතැනදී අඩුපාඩු සහ ප්‍රමාද ඇති බව අපි දකිනවා. අනිවාර්යයෙන්ම මේක සිදුවිය යුතු දෙයක්. ඒක සිද්ධ කරන්න බැහැ කියන්නේ නීති ක්ෂේත්රයට අදාළ කටයුතු හරියට සිදුවෙන්නේ නැහැ කියන ඒකයි. මිලියන අනූ එකක් නාගරික සංවර්ධනයේ මුදල් වියදම් කරලා ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ පියාගේ සොහොන හදපු බවට ලියකියවිලි තියෙනවා. ඒකට නඩු දාන්න බැරි නම් රජයත්a ඒ සඳහා වගකිව යුතුයි. යම් යම් අයගේ අසාර්ථක භාවය නිසා මෙතැන ක්‍රියාත්මක වීමේ අඩුපාඩුවක් තිබෙනවා. පසුගිය ආණ්ඩුවේ වංචා දූෂණවලට එරෙහිව කටයුතු කරන්න බැරි නම් මේ රජය අසාර්ථකයි තමයි. එහෙම නම් ජනතාව හමුවේ පිළිගන්න වෙනවා අපට මේක කරන්න බෑ අපි දුන්න පොරොන්දු අපට ඉෂ්ට කරන්න බැහැ අපි පොරොන්දු කඩ කරනවා කියලා. පියවරක් ගන්න බැරි නම් ආණ්ඩුව අනිවාර්යයෙන්ම ජනතාවට උත්තර දෙන්න ඕනෑ. අධිකරණයට හරි පොලිසියට හරි වරද පටවලා අපිට ඉන්න බෑ. එහෙම නම් අපි ඉන්න එකේ තේරුමක් නැහැනේ. ජනතාව ඡන්දය දුන්නේ අපිටනේ. ඒ නිසා මේක නොකළොත් රජයට වගකීම භාර ගන්න වෙනවා.
ප්රශ්නය – රජයට තියෙන්නේ තව අවුරුදු තුනයි. කාලය ප්‍රමාණවත්ද මේවා කරන්න.
පිළිතුර – රජයක් වුණාම ක්‍රමවේද හදා ගන්න පුළුවන්නේ. කැබිනට්ටුවෙන් හරි පාර්ලිමේන්තුවෙන් හරි අදාළ අනුමැතිය ලබා ගෙන ජාතික අපරාධ ගැන සොයා බලා දඬුවම් කරන්න අවශ්‍ය ප්‍රතිපාදන සකසන්න රජයට හැකි විය යුතුයි. තියෙන අධිකරණ හෝ අමතර අධිකරණ හදලා හරි කොමිෂන් පත් කරලා හරි හොරුන්ට දඬුවම් කළ යුතුයි. එහෙම කරන්න බැරි නම් අපි හැමදාම කතා කර කර ඉඳීවි. ආපහු හොරු ටික බලයට ඒවි. අපිට හිරබත් කන්න වේවි.
ප්රශ්නය – කවුද කකුලෙන් අදින්නේ. නිලධාරීන්ද? දේශපාලනඥයින්ද?
පිළිතුර දේශපාලනඥයින්…. නිලධාරීන් ඉන්න බව මමත් හිතනවා. එවැනි ප්‍රශ්නයක් තියෙනවා. මට තියෙන අවබෝධයම තමයි ඔබටත් මේ ගැන තියෙන්නේ. රටේ ජනතාවත් කියන්නේ වගකීම අනිවාර්යයෙන්ම රජයක් ලෙස අපි ගත යුතුයි.
ප්රශ්නය – හිටපු ජනාධිපතිතුමා දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම පරාජය කිරීමට අණදුන් නායකයා. ඔබ යුද්ධය මෙහෙයවූවා. එය පිළිගත යුතුයිනේ. රාජපක්ෂ මහතාට තවමත් ත්‍රස්තවාදී තර්ජන තිබෙද්දීත් ආරක්ෂකයන් ඉවත් කිරීමෙන් එතුමන් අනාරක්ෂිත කිරීමක් නොවේද රජය කරන්නේ?
පිළිතුර – ඔය ත්‍රස්තවාදී සංවිධානය විනාශ කරන්න කියලා හිටපු ජනාධිපතිවරු සියලු දෙනාම නියෝග දුන්නා. කවුද නියෝග නොදුන්නේ. නමුත් හමුදාවලට ඒ නියෝග ඉෂ්ට කරන්න බැරි වුණා. මේ අවස්ථාවේදීත් නියෝග දුන්නා. හමුදාවේ අපි ඒක ඉෂ්ට කළා. නියෝග දෙන එක හරි ලේසියි. කරන එකයි අමාරු. ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කරන්න කියලා නියෝග දීම වචනයක් පමණයි. ඔබ දන්නවනේ මාවිල්ආරු වැහුවාම චම්පික රණවක, අතුරලියේ රතන හාමුදුරුවෝ වැනි අය තරයේ කිව්වාම හමුදාව යොදවලා මෙතැන සටනක් අරඹන්න කියලා. හිටපු ජනාධිපතිවරයා චම්පික රණවකට මොනවද කිව්වේ. ඒ ගැන චම්පික රණවක ප්‍රසිද්ධියේ කිව්වනේ. “මොකෙන්ද ගහන්නේ…. අහවල් එකෙන්ද” කියලා කුණුහරුපයක් කියලා ඇහුවලුනේ. ඒක තමයි එයා දුන්නු නියෝගය. ඊට පස්සේ හමුදාව වැඩේට බැහැලා අතහරින්නේ නැතුව දිගින් දිගට කොක්ක දාගෙන නතර කරන්න බැරි වෙන විදිහට මම යුද හමුදාවේ සටන කළා. අනෙක් අය කරපුවා නාවික හමුදාපති කියාවි. මගේ සෙබළු 5200 ක් ජීවිත පූජා කරලා 27000 ක් තුවාල වෙලා අපි ත්රස්තවාදීන් 23000 ක් ඝාතනය කරලා 1200 ක් අත්අඩංගුවට ගෙන ඒ සංවිධානය විනාශ කළා. ඒ යුද හමුදාව කරපුවා. එහෙම කළාම නියෝග දුන්නා කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඒ සටනට අණ දුන්නු මට මරාගෙන මැරෙන ප්‍රහාරයකුත් එල්ල වුණා. එහෙම කැප වූ මගේ සම්පූර්ණ ආරක්ෂාව ඉවත් කරලා මාව ත්රස්තවාදීන් රඳවා සිටින හිරගෙදර හිර කළා. ඒක කළේ මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා. එහෙම කළ පුද්ගලයකුට සදාචාරාත්මක අයිතියක් තියෙනවද “මට ආරක්ෂාව දෙන්න” කියලා ඉල්ලන්න. මේ ප්රශ්නය අපි ජනතාවට යොමු කරමු. සරත් ෆොන්සේකා කියන පුද්ගලයා පැත්තක තියමු. රටේ යුදහමුදාපතිවරයා ආරක්ෂාව නැතිව ත්රස්තවාදීන් ඉන්න හිරේම රැඳවූවා නම් එවන් නායකයකුට අයිතිය තියෙනවද තමන්ට ආරක්ෂාව ඉල්ලන්න. අනෙක එයාට කාගෙන්ද තර්ජන තියෙන්නේ. ත්‍රස්තවාදය ඉවරයි. ත්‍රස්තවාදය තියෙනවා නම් අපිටත් තර්ජන තියෙනවානේ. ආරක්ෂකයන් දෙසීයක් වටේ දාගෙන ආරක්ෂා වෙන්නේ කාට බයේද? සරත් සිල්වා ලවා උසාවි නියෝගයක් අරගෙන චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනියගේ ආරක්ෂකයන් හැට දෙනා තිස් දෙනාට බැස්සුවා. එහෙම පුද්ගලයාට අයිතියක් තියෙනවද දෙසීයක් ඉල්ලන්න. අපි කියන්නේ එයාටත්a දෙන්න චන්ද්‍රිකා මැතිනියට දීලා තියෙන ආරක්ෂකයන් සංඛ්‍යාව කියලා. ඊට වඩා එක මිනිහෙක්වත් දිය යුතු නෑ.
ප්රශ්නය – ඔබ කියන්නේ මහින්ද රාජපක්ෂ මහතාට තර්ජනයක් නැහැ කියලාද?
පිළිතුර – ත්රස්තවාදීන්ගේ තර්ජනයක් නෑ. දැන් රටට කළ විනාශය හෙළා දකින ජනතාවගෙන් නම් එයාට තර්ජනයක් තියෙනවා.
ප්රශ්නය – ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරයා කිරීමට බොහෝ දෙනා කැමැත්තෙන් ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති අපේකAෂකයා වීම අභියෝගයක් වේවි නේද?
පිළිතුර – මම හිතන්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂගේ කෙරුවාව රටේ ජනතාව දන්නවනේ. නියෝග දුන්නු හැටි, සුදු වෑන්වලින් මිනිස්සු උස්සපු හැටි එයා රටට කළ සේවය මොකක්ද? ඕනෑම ලේකම්වරයෙක් කරන්නේ පරිපාලනමය කටයුත්තක්. ලේකම්ලා හමුදාවට යුද්ධ කරන හැටි උගන්වන්නේ නෑනේ. සටන් උපක්‍රම උගන්වන්නේ නෑනේ. අවුරුදු පහළොවක් ඇමරිකාවේ කොම්පියුටර් ඔපරේටර්වරයෙක් වෙලා හිටපු කෙනෙක් ලංකාවට ඇවිත් හැමදාම යුද පිටියේ හිටපු ජෙනරාල්ලාට සටන් ක්‍රම උගන්වන්න පුළුවන්ද, එහෙම නම් ඉතින් මේක විහිලුවක්. ලංකාවේ යුද හමුදාව කියන්නේ එහෙම නම් වැඩකට නැති දෙයක්ද. ලංකාවේ යුද හමුදාව එහෙම නම් අතු ගාලා දාන්න ඕනෑ. ගෝඨාභයට පුළුවන්නේ එහෙම නම් අලුත් හමුදාවකුත් හදන්න එයා වගේම හමුදාවෙන් ගිහින් අරහේ මෙහේ වැඩ කර කර හිටපු කට්ටියක් අල්ලාගෙන. හමුදාවේ දිගටම රැඳුණුq අයට වඩා දක්ෂ හමුදාවක් හදන්න. එයා කළ මිග් ගනුදෙනුව, සොහොන ගහපු හැටි, ජනාධිපති වුණොත් කොහොම සොහොනක් ගහයිද?
ප්රශ්නය – ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙනුත් පසුගියදා ඔබ ඇඟිල්ල දිගු කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා දෙසටයි….?
පිළිතුර – ඔව්. ඉතින් ලසන්ත ඝාතනය කියන්නේ එක සිද්ධියක්. එක්නැලිගොඩ අතුරුදන් කිරීම, පහරදීම්, ඔය සියල්ල පිටුපස අනිවාර්යයෙන්ම ඔහු සහ ඔහුගේ කල්ලියක් හිටියේ. මම දන්නේ නෑ ඔය බුද්ධි අංශවල අත්අඩංගුවට අරන් ඉන්න අය ඒවාට සම්බන්ධද කියලා. ගෝඨාභයගේ කල්ලිය මේවා කළා කියලා මගේ හෘද සාක්ෂිය මට කියනවා. මහින්ද බාලසූරිය, අනුර සේනානායක ඒවාට ඒa වෙලාවේ ඇක්ෂන් ගත්තේ නැති නිසා ඒවා සොයන්න බැරි වුණා. ලසන්තලා, පෝද්දල ජයන්තලා ඇතුළු මාධ්‍යවේදීන් සමඟ ප්‍රශ්න තිබුණේ. මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ පුළුවන් තරම් උත්සාහ කළා සරත් ෆොන්සේකා මේවා කළා කියලා අපේ පිටින් දාන්න. ඒත් කිසිම දෙයක් අපිට විරුද්ධව ඔප්පු කරන්න බලය තිබුණු කාලේ පවා එයාට බැරි වුණා.
ප්රශ්නය – භීෂණ සමයේදී කුමාර් ගුණරත්නම් මහතාගේ ජීවිතය බේරුවේ ඔබයි කියා පසුගිය දිනවල ඔබ තවත් අනාවරණය කිරීමක් කළා.
පිළිතුර – ඔව්. භීෂණ සමයේ මම හිටියේ කන්තලේ ප්‍රදේශය භාරව. මම ලුතිනන් කර්නල් කෙනෙක්. සිංහ රෙජිමේන්තුවේ පළවෙනි බලඇණියේ අණ දෙන්නා විදිහට මගේ හමුදා පළවල් තුනකට Jඪඡ ත්රස්තවාදීන් පහර දුන්නා. මගේ සෙබළු දෙන්නෙක් මැරුණා. අවි ආයුධ රැසක් අරගෙන ගියා. ඒ කාලේ ඒ පැත්තේ ප්‍රහාර මෙහෙයවූයේ කුමාර් ගුණරත්නම්. “ගාමිණි” කියන නමකින් තමයි ඔහු පෙනී හිටියේ. අපි ඔහුව අල්ලා ගත්තා. මගේ මේසය ඉදිරියට ඔහුව අරගෙන ආවා. ඔහු දණගහලා අඬමින් ඉල්ලා සිටියේ “සර් මාව මරන්න එපා මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. මම දන්න ඔක්කොම දේ කියන්නම්” කියලා.ඉන් පස්සේ අපි එයාට අතවත්a තිබ්බේ නෑ. කියන දේ අහගෙන හිටියා. ඒ වෙද්දී යුද හමුදා සෙබළුන් දෙදෙනකුත් මරලා හිටියේ. ඒ වුණත් අපි එයාව කොළඹට එව්වා. ඔහුගේ ජීවිතය බේරා දීම ගැන මට ඔහු හැමදාම පිං දෙනවා ඇති.
ප්රශ්නය – ඒකාබද්ධ විපක්ෂයේ ගෝල්ෆේස් මැයි රැලියට සහභාගි වූ ජනතාව මගින් ආණ්ඩුවට යම් පණිවිඩයක් ලබා දෙන බව හිතන්න බැරිද?
පිළිතුර – ඒකාබද්ධ විපක්ෂය ගෝල්ෆේස් පිරවුවේ නෑනේ. ගාලු මුවදොර හෝටලය පැත්තට වෙන්න වේදිකාව පිටුපස කැම්බල් පිටිය වගේ හතර ගුණයක ඉඩ ඉතිරි වෙලා තිබුqණා. වේදිකාව ඉදිරිපස දිගටම වැටක් ගහලා එතැනත් කැම්බල් පිටියක විතර ඉඩ ඉතිරි වෙලා තිබුණා. කැම්බල් පිටි පහක ඉඩ අත හැරලා ගෝල්ෆේස් එකේ සිහින් තීරුවක තමයි සෙනඟ පුරවා තිබුණේ. එතන පනස් දහසක් විතර හිටියා. ඒක බිය විය යුතු දෙයක් නොවේ. මිනිස්සු ඔක්කොම ඇතුළට දාලා පාරවල් වැහුවා. ඇතුළේ මිනිස්සුනට වතුර පොදක් නෑ. වැසිකිළි නෑ. අව්වේ වේලිලා විජලනය හැදිලා තමයි කිහිප දෙනෙක් මැරුණේ. සමහරු මගදී මැරුණා. ඒ විදිහට ගෝල්ෆේස් පුරවන්න පුළුවන් ඒකාධිපතියෙකුට විතරයි. එතැනට බඩගෝස්තර වාදීන් ටිකක් ගෙනාවා.
ප්රශ්නය – එජාපයේ ඉහළ තනතුරක් ඔබට ලබාදීමේ සූදානමක් තියෙනවා. ඒත් පක්ෂයේ ප්‍රබලයෙක් ඔබව පත් කරනවාට විරුද්ධයි නේද?
පිළිතුර – ඔව්. මම දැක්කා පත්තරවලත් විඡේදාස රාජපක්ෂ තදින් විරුද්ධයි කියලා. ඒ ගැන මම පුදුම වෙන්නේ නෑ. විඡේදාස රාජපක්ෂ කියන්නේ මහින්ද රාජපක්ෂගේ හෙංචයියෙක්. ඔහු ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුවේදීත් කිව්වා ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගන්න ඉඩ දෙන්න බෑ කියලා. මම එජාප මන්ත්‍රීවරයෙක් වෙන ඒකටත් විරුද්ධව ඔහු කෑ ගැහුවා. එයා තනතුරුවලින් අස් වෙනවා කිව්වා. ඒත් අස් වුණේ නෑ. මට ඇමැතිකම දෙද්දීත් ඕකම කිව්වා. ඒත් තනතුරුවලින් ඉවත් වුණේ නෑ. දැනුත් ඒ කතාවම ඔහු කියනවා. මට ඔය තනතුරත් ලැබේවි. ඒත් එයා අස් වෙන්නෙ නෑ. ඒක තමයි අවසන් ප්‍රතිඵලය.
ප්රශ්නය – ඔබ කියන විදිහට විඡේදාස රාජපක්ෂ මහතා හැරෙන්නට මේ ආණ්ඩුවේ තවත් ඇමැතිවරු ඉන්නවද මහින්ද හෝ ගෝඨාභය රාජපක්ෂගේ පැත්තේ කකුලක් තියා ගෙන ඉන්න අය?
පිළිතුර – ඔව්. ඇයි ජෝන් සෙනෙවිරත්න. ගෝඨාභයව ශ්‍රීලනිප දෙවැනියා කළ යුතුයි කියලා ඔහු කිව්වේ. ළඟදිත් ඔහු යම් තැනකදී ප්‍රකාශයක් කළා. මම තැන කියන්නේ නෑ. මහින්ද රාජපක්ෂට හොරා කියනවා නම් ඒ කැබිනෙට්ටුවේ සිටි සියලු දෙනාම හොරු විය යුතුයි කියලා මොහු පැවැසුවා. ඒ කියන්නේ අර මනුෂ්‍යයා ආරක්ෂා වෙන ප්රකාශයි මෙයා කියන්නේ කොතරම් භක්තියක් ඇතිද? ඔබත් අපෙන් අහනවා ජනතාවත් අහනවා ඇයි හොරුන්ට දඬුවම් නොකරන්නේ කියලා. මෙයා හදන්නේ ඔවුන්ව ආරක්ෂා කරන්න. ජෝන් සෙනෙවිරත්නගේ හිස ආණ්ඩුවේ හිත මහින්ද රාජපක්ෂ ළඟ. ජනතාව තෝරලා එවපු මිනිස්සු නිසා එක එක වර්ගයේ අය රජය ඇතුළේ ඉන්නවා. කකුල් දෙක දෙපැත්තේ තියා ගෙන ඉන්න මිනිස්සු ගැන අපිට අනිවාර්යයෙන්ම අවධානයෙන් ඉන්න වෙනවා.
[rns_reactions]

