අද සෑම වෘත්තියකටම අවම සුදුසුකමක් අත්‍යාවශ්‍යවේ. එය කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වා විහිදෙයි. එහෙත් අවාසනාවකට අපේ රටේ කිසිදු සුදුසුකමක් අවශ්‍ය නොවන එකම වෘත්තිය වන්නේ දේශපාලනයයි.
එහෙත් ඔබත්, අපත්, රටත් සියල්ල පාලනය වන්නේ එම කිසිදු සුදුසුකමක් නොමැති දේශපාලන යාන්ත්‍රණයේ සිටින දේශපාලඥයින් විසිනි. ඔවුන්ව අපේ ස්වකැමැත්තෙන් සර්ව ජන ඡන්දබලයෙන් පත් කරගන්නේද අපමය. එසේ පත්කරගත් ඔවුන්ට යළි දෙස් දෙවොල් තබමින් බනින්නේද අපමය.
උපන්දා සිට නිදහස් අධ්‍යාපනයේ පිහිටින් තරඟ විභාග ජන ගනිමින් අධ්‍යාපනයේ කඩ ඉම් පසුකරන අපට එම අධ්‍යාපනයෙන් පසු ජීවත්වීම වෙනුවෙන් රැකියාවක් සොයාගිය පසු ඊට කෙතරම් නම් සුදුසුකම් අවශ්‍ය වන්නේද..?
එහෙත් රටත්, අපවත් පාලනය කරන රාජ්‍ය යාන්ත්‍රණයට අවශ්‍ය මඟ පෙන්වීම ලබාදෙන ඔවුන්ව පත්කරගැනීමේදී අප ඔවුන්ගේ අවම අධ්‍යාපන සුදුසුකම්වත් බලනවාද..?
අධ්‍යාපන පොදු සාමාන්‍ය පෙළ විභාගයවත් අසමත්, විටෙක පහේ පන්තියටවත් පාසල් නොගිය අයවලුන් අපේම මහජන නියෝජිතයින් ලෙස අපේම කතිරයෙන් පත්කරගන්නේ අපම නොවේද..?
එසේ අප විසින්ම නිසි සොයාබැලීමකින් තොරව පත්කරගත් කිසිඳු සුදුසුකමක් නොමැති දේශපාලඥයින් ලඟ වැඳවැටෙමින් ඉහළ සුදුසුකම් සපිරූ අප ඔවුන්ගෙන් රැකියා ඉල්ලා ඔවුන් පසු පස යන්නේ නම් අපට ආත්මයක් සහ රටකට අනාගතයක් ඉතිරි වෙයිද..?

