යළිත් වතාවක් කුසල් මෙන්ඩිස් ලකුණු අතරට පැමිණීමට සමත්වීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ (17 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය. මෙම තරග ජයත් සමඟ තරග 3 කින් සමන්විත තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය. මෙය මෙම වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලද පස්වැනි එක්දින තරගමාලා ජයග්‍රහණය ලෙසින්ද සනිටුහන් විය.
ලකුණු 210 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම 46 වැනි පන්දුවායේ අවසන් පන්දුවේදී ජය වාර්තා කරගන්නා විට ප්‍රතිවාදී පන්දු යවන්නෝ ඉනිමේ කඩුලු 7 ක් දවා ගැනීමට සමත්ව සිටියහ. තරගය නිමා වන විටත් සිය අන්තය ආරක්ෂා කරගෙන සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 74 ක් ලබා සිටිද්දී තරගය අවසන් කිරීමට ඔහුට අනගි සහායක් ලබා දුන් මහීෂ් තීක්ෂණ ලකුණු 27 ක් රැස් කරගෙන සිටියේය. මොවුන් දෙදෙනා අතර 8 වැනි කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 47 ක් විය.
මේ වසර පුරාවටම ලකුණු අතර සිටින පිතිකරුවා බවට පත්ව සිටින කුසල් මෙන්ඩිස් පළමු තරගයේ ලද ශතකයට අමතරව අද දිනයේ රැස් කර ගන්නා ලද ලකුණු 74 ත් සමඟ 2024 වසරේ ඔහුගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 742 දක්වා ඉහළ දමා ගැනීමට සමත්ව සිටින්නේය.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භය අසාර්ථක වූයේ අවිශ්ක ප්‍රනාන්දු වේලාසනම දැවී යෑම හේතුවෙනි. අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල බිද වැටෙන විට ලකුණු පුවරුව සටහන් වූයේ 65 ක් වශයෙනි. අනතුරුව සිය ඉනිමේ බර කරට ගත් කුසල් මෙන්ඩිස් පළමුව සදීර සමරවික්‍රම සමග ලකුණු 28 ක්ද අනතුරුව ජනිත් ලියනගේ සමග ලකුණු 39 ක්ද එක් කරමින් ජයග්‍රහණයට අදාළ අඩිතාලම එක් කිරීමට සමත්වූහ. මෙම තරගයේදී කුසල් පන්දුවට පහර දුන්නේ ආබාධයක් සහිතව වුවත්, කණ්ඩායමේ ජයග්‍රහණය ගැන සිතා ඔහු වේදනාව අමතක කර දමමින් පන්දුවට පහර දීම කැපී පෙනුණි.
පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම 30 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වන විට රැස් කරගෙන සිටියේ ලකුණු 111 ක් පමණක් වුවත් අනතුරුව යවන ලද පන්දුවාර 6 දී නවසීලන්ත පිතිකරුවෝ ලකුණු 62 ක් උදුරා ගැනීමට සමත්වූහ. මෙහිදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් මාක් චැප්මන් සහ මිචෙල් හේ දෙදෙනාා ගොඩනංවන ලද ලකුණු 75 සම්බන්ධතාව ඇතුළතම එම ලකුණු සංඛ්‍යාව වාර්තාවීම කැපී පෙනිණ.
එහෙත් 5 වැනි කඩුල්ල ලකුණු 173 දී බිඳ වැටීමත් සමඟ නවසීලන්ත ඉනිමට කණ කොකා හැඬවීය. ඒ ඉතිරි කඩුලු 6 ම ලකුණු 36 ක් ැතුළත බිඳ වැටීම හේතුවෙනි. පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ ජෙෆ්රි වැන්ඩර්සි කඩුලු 3 බැගින් දවා ගනිද්දී අසිත ප්‍රනාන්දු කඩුලු 2 ක් බිඳ දැමූහ.
නවසීලන්ත ඉනිමේ ඉහළම ලකුණු සම්බන්ධතාව වූ ලකුණු 75 විය. ලකුණු 93 ක් ඇතුළත කඩුලු 4 ක් බිඳ වැටී තිබියදී එක්වූ මෙම පිතිකරුවන් ඒ සඳහා පන්දු 78 ක් වැය කර තිබුණහ. වැඩිම ලකුණු ලාභියා වූ චැප්මන්ගේ ලකුණු 76 පන්දු 81 කින් සමන්විත විය. ඒ ඊට හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක්ද ඇතුළත් වීමෙනි. කඩුලු රකින්නා වන මිචෙල් හේ අද දිනයේදී තම මංගල අර්ධ ශතකය පෙනී පෙනී දැවී ගියේ ලකුණු 49 ක් ලබා සිටියදීය.
අසීරු උඩපන්දු අවස්ථා 2 ක් ගිලිහී යෑම හැරුණු කොට ශ්‍රී ලංකා කණ්ඩඩායමේ පන්දු රැකීම අද දිනයේ අති විශිෂ්ඨ මට්ටමේ පැවැතිණ. මෙහිදී අවිශ්ක ප්‍රනාන්දු රැක ගත් උඩ පන්දු තුනත් ලෝන් ඕන් සිට මිඩ් ඔෆ් දෙසට දිව විත් පැතුම් නිස්සංක රැක ගත් උඩ පන්දුව කලකට අමතක නොවන මට්ටමේ උඩ පන්දු වූහ. මෙම තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම අවස්ථා දෙකකදී තරගය තාවකාලිකව අත්හිටුවීමට විනිසුරුවන්ට සිදුවුණා පමණක් නොව තරගය එක් පිලකට පන්දුවාර 47 කට සීමා කරමින් පැවැත්වීමට ද සිදුවිය.
| ලකුණු පුවරුව | ||||
| නවසීලන්තය | ලකුණු | පන්දු | ||
| විල් යංග් | ස්ට.කුසල් මෙන්ඩිස් | ප.ජෙෆ්රි වැන්ඩර්සේ | 26 | 40 |
| ටොම් රොබින්සන් | ප.දුනිත් වෙල්ලාලගේ | 4 | 4 | |
| හෙන්රි නිකොල්ස් | ප.මහීෂ් තීක්ෂණ | 8 | 23 | |
| මාක් චැප්මන් | ඇ.අවිශ්ක ප්‍රනාන්දු | ප.අසිත ප්‍රනාන්දු | 76 | 81 |
| ග්ලෙන් පිලිප්ස් | ඇ.අවිශ්ක ප්‍රනාන්දු | ප.චරිත් අසලංක | 15 | 22 |
| මිචෙල් හේ | ඇ.කුසල් මෙන්ඩිස් | ප.මහීෂ් තීක්ෂණ | 49 | 62 |
| මයිකල් බ්‍රේස්වෙල් | ඇ.අවිශ්ක ප්‍රනාන්දු | ප.අසිත ප්‍රනාන්දු | 0 | 4 |
| මිචෙල් සැන්ට්නර් | ඇ.පැතුම් නිස්සංක | ප.ජෙෆ්රි වැන්ඩර්සේ | 6 | 15 |
| නේතන් ස්මිත් | කඩුල්ල මුවා කළා | ප.ජෙෆ්රි වැන්ඩර්සේ | 0 | 1 |
| ඉෂ් සෝධි | ස්ට. කුසල් මෙන්ඩිස් | ප.මහීෂ් තීක්ෂණ | 9 | 12 |
| ජේකබ් ඩෆී | නොදැවී | 4 | 7 | |
| අතිරේක | 12 | |||
| එකතුව පන්දුවාර 45.1 කදී සියලු දෙනා දැවී ලකුණු | 209 | |||
| කඩුලු වැටීම / 1-09 (රොබින්සන් 1.4), 2-31 (නිකොල්ස් 7.6), 3-69 (යංග් 16.5), 4-98 (පිලිප්ස් 23.1), 5-173 (චැප්මන් 36.1), 6-173 (බ්‍රේස්වෙල් 36.5), 7-185 (සැන්ට්නර් 40.1), 8-185 (ස්මිත් 40.2), 9-199 (සෝධි 43.2) | ||||
| පන්දු යැවීම | ||||
| අසිත ප්‍රනාන්දු 7-0-37-2 | දුනිත් වෙල්ලාලගේ 8-0-46-1 | |||
| මහීෂ් තීක්ෂණ 9.1-0-31-3 | ජනිත් ලියනගේ 3-0-18-0 | |||
| ජෙෆ්රි වැන්ඩර්සේ 10-0-46-3 | චරිත් අසලංක 8-0-29-1 | |||
| ශ්‍රී ලංකාව | ||||
| පැතුම් නිස්සංක | ඇ.මාක් චැප්මන් | ප.මයිකල් බ්‍රේස්වෙල් | 28 | 33 |
| අවිශ්ක ප්‍රනාන්දු | ඇ.හෙන්රි නිකොල්ස් | ප.මිචෙල් සැන්ට්නර් | 5 | 9 |
| කුසල් මෙන්ඩිස් | නොදැවී | 74 | 102 | |
| කමිදු මෙන්ඩිස් | ඇ.මිචෙල් හේ | ප.මයිකල් බ්‍රේස්වෙල් | 0 | 3 |
| චරිත් අසලංක | ඇ.ඉෂ් සෝධි | ප.මයිකල් බ්‍රේස්වෙල් | 13 | 12 |
| සදීර සමරවික්‍රම | ඇ.මිචෙල් හේ | ප.ග්ලෙන් පිලිප්ස් | 8 | 17 |
| ජනිත් ලියනගේ | ඇ.මිචෙල් හේ | ප.නේතන් ස්මිත් | 22 | 39 |
| දුනිත් වෙල්ලාලගේ | ඇ.ඉෂ් සෝධි | ප.මයිකල් බ්‍රේස්වෙල් | 18 | 17 |
| මහීෂ් තීක්ෂණ | නොදැවී | 27 | 44 | |
| අතිරේක | 15 | |||
| එකතුව පන්දුවාර 46 කදී කඩුලු 7 ක් දැවී ලකුණු | 210 | |||
| කඩුලු වැටීම / 1-23 (අවිශ්ක 4.3), 2-41 (නිස්සංක 9.5), 3-කමිදු 11.2), 4-65 (අසලංක 15.3), 5-93 (සදීර 21.2), 6-132 (ලියනගේ 36.1), 7-163 (වෙල්ලාලගේ 36.1) | ||||
| පන්දු යැවීම | ||||
| මිචෙල් සැන්ට්නර් 10-1-33-1 | ජෙකොබ් ඩෆී 5-0-36-0 | |||
| මයිකල් බ්‍රේස්වෙල් 10-0-36-4 | ඉෂ් සෝධි 9-0-37-0 | |||
| ග්ලෙන් පිලිප්ස් 9-0-41-1 | නේතන් ස්මිත් 3-0-21-1 |
මූලාශ්‍රය – ශ්‍රී ලංකා ක්‍රිකට්

