ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ සාමාජිකත්වය දරමින් පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙන මන්ත්‍රීවරුන් පක්‌ෂයෙන් නෙරපා හැරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇති අතර පොහොට්‌ටුව පුම්බන ශ්‍රීලනිප මන්ත්‍රීන් ගැන සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ විශේෂ නියෝජිතයකු සෑම දිස්‌ත්‍රික්‌කටම පත් කිරීමට පියවර ගෙන ඇති බව ඊයේ (19 දා) කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ සාමාජිකත්වය දරමින් වෙනත් පක්‌ෂවල ප්‍රචාරක කටයුතු මෙන්ම එම පක්‌ෂවල අපේක්‌ෂකයන් දිනවීමට මැතිවරණයක් ප්‍රකාශයට පත්ව ඇති මොහොතේ කටයුතු කරන්න බැහැ. එය පක්‌ෂ ව්‍යවස්‌ථාව සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීමක්. මැතිවරණය වන තෙක් එම පිරිස නිදහස් පක්‌ෂය සමඟ එකතු වෙයි කියලා ජනාධිපතිවරයා ඉවසාගෙන හිටියා. ඒත් මේ මොහොතේ පක්‌ෂය දෙකඩ කරන පක්‌ෂය විනාශ කරන මෙම මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය අධ්‍යයනය කරලා සාක්‌ෂි සහිතව ඔවුන් පක්‌ෂයෙන් ඉවත් කරන්න මධ්‍යම කාරක සභාව තීරණයක් ගත්තා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ ඉන්නේ. පොදුජන පෙරමුණට අයිතියක් නැහැ එතුමාගේ ඡායාරූප මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදවීමට. ඒ පිළිබඳවත් ඉදිරියේදී තීරණයක් ගන්නවා.”