ශ්‍රීලනිපය යළිත් ජාතික ආණ්ඩු හදන්න කඩේ ගියොත් ත්‍රීවිල් පක්ෂයක් වේවි

ශ්‍රීලනිපය යළිත් ජාතික ආණ්ඩු හදන්න කඩේ ගියොත් ත්‍රීවිල් පක්ෂයක් වේවි
Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂයෙන් වෙන්වී යළිත් ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කළහොත් ත්‍රීවිල් පක්ෂයක් බවට පත්වනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල මහතා සඳහන් කළේ තම පක්ෂය යළි කිසි දිනක ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ක්‍රියා නොකරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා මේ බව පැවසීය.

“අපේ කොටස් වෙලදපොල ඉතාම පසුගාමි තත්ත්වයකයි තියෙන්නේ. කොටස් වෙලද පොලේ පසුබෑම රටේ ආර්ථිකයේ සැබෑ ස්වරූපය දක්වන්නක්. ආයතනවලට වෙලදාමක් නැත්නම් නිෂ්පාදනයකිරීමේ අංශ වැඩි දියුණු වෙන්නේ නැත්නම් සේවා අංශය දුර්වල වෙනවා නම් අවසානයේ කොටස් වෙලදපොල පහත වැටෙනවා.

ලංකා ඉතිහාසයේ කිසිමදාක නොවුන විදියට කොටස් වෙලදපොල පහත වැටිලා තියෙන්නේ. දැන් මේ පිලිබදව ආර්ථකමය විග්‍රහයක් නොකරන අගමැතිතුමාගේ උපදේශනය වෙලා තියෙන්නේ ජනතාවගේ ඊ.ටී.එප්, ඊ.පී.එප් මුදල් කොටස් වෙලදපොලේ ආයෝජනය කිරිමයි. කොටස් වෙලදපොලක් වැටෙන්නේ කොටස් වෙලෙදපොලේ කර්මාන්තවල දියුණුවක් නැති වුනාමයි.

දියුණුවත් නැති වුනාම කොටස් මිල වැටෙනවා. කොටස් ගැනීම අඩු වෙනාව. ඊලගට කොටස්වෙලද පොල වැටෙනවා. මේ තර්කය අනෙක් පැත්තට දාලා කොටස් වෙලද පොළට මහජනයා එකතු කරන් තියෙන අරමුදල් දාපුවාම වෙන්නේ මහජනතාවගේ මුදලුත් සම්පූර්ණයෙන්ම විනාශ වීමයි.