සත්කාරක එංගලන්ත පිලට අමිහිරි පරාජයක් අත්කර දෙමින් ශ්‍රී ලංකාව අද දිනයේ ලෝක කුසලාන තරඟාවලියේ තමනට අත්‍යවශ්‍යව තිබූ ජයග‍්‍රහණයක් ගබා ගත්තේය.
ජාත්‍යන්තර විචාරකයන්ගේ උපහාස මැද තරඟ බිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දී නියමිත පන්දු වාර 50 තුලදී කඩුළු 09කට ලකුණු 232ක් ලබා ගත්තේය.
ප‍්‍රබල එංගලන්න පිතිකරුවන්ට එරෙහිව මුල සිටම සිටම ආක‍්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් එංගලන්ත පිල ලකුණු 212කට දවාලීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
මේ අනුව අවසන් පූර්ව වටයට යාමෙ බලාපොරොත්තු ශ‍්‍රී ලංකා කණ්ඩායමට තව දුරටත් තබා ගත හැකි අතර ලෝක කුසලාන දිනා ගනිතැයි අනාවැකි පලකර ඇති කණ්ඩායම් අතරින් ඉහළින්ම සිටින එංගලන්ත කණ්ඩායම ඉදිරියෙ අද ලත් ජයග්‍රහණය විශිෂ්ට ජයග්‍රහණයකි.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ දී කඩුළු 09කට ලකුණු 232ක් රැස් කළේය. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ගොඩනැගූ ඇන්ජිලෝ මැතිව් පන්දු 115කදී ලකුණු 85ක් රැස් කළ අතර අවිශ්ක ප‍්‍රනාන්දු පන්දු 39කදී ලකුණු 49ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් පන්දු 68කදී ලකුණු 46ක් රැස් කළේය.
මෙම තරගයේද සුපුරුදු ලෙස ශ‍්‍රී ලංකා මැදපෙළ අසාර්ථක වූ අතර පෙර තරගවලදී විශිෂ්ඨ ලෙස ලකුණු රැස්කළ නායක දිමුත් කරුණාරත්න ද අසාර්ථක විය.
ශ‍්‍රී ලංකාවට එරෙහිව ‘ Mark Wood ’ 3/40/08, Jofra Archer 3/32/10 සහ Adil Rashid 2/45/10
ශ‍්‍රී ලංකාව විසින් ලබා දුන් ලකුණු 233ක පහසු ඉලක්කය හඹා ගිය එංගලන්ත කණ්ඩායමට සියලූ දෙනාම දැවී පන්දු වාර 47කදී ලබාගත හැකි වූයේ ලකුණු 212ක් පමණි. එංගලන්තය වෙනුවෙන් Ben Stokes පන්දු 89කදී නොදැවී ලකුණු 82ක් ද, Joe Root පන්දු 89කදී ලකුණු 57ක් ද වාර්තා කළේය.
එංගලන්තයට එරෙහිව විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග ලකුණු 43කට කඩුළු 04ක් ද, ධනංජය ද සිල්වා ලකුණු 32කට කඩුළු 03ක් ද, ඉසුරු උදාන ලකුණු 41කට කඩුළු 02ක් ද දවා ගත්තෛ්ය.
ඒ අනුව ශ‍්‍රී ලංකාවට ලකුණු 20ක තියුණු ජයග‍්‍රහණයක් හිමිවිය. තරගයේ වීරයා සම්මානය ලසිත් මාලිංග විසින් දිනා ගත්තේය.

